
(යොහාන් භාසුර)
දුම්රිය දෙපාර්තුමේන්තුව භාවිතයෙන් ඉවත් කළ දුම්රිය මැදිරි ඇතුළු අබලි යකඩ මෙටි්‍රක්ටොන් 6,000 ක පමණ විශාල ප්‍රමාණයක් ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව ප්‍රධාන පෙළේ යකඩ සමාගම් දෙකකට විකිණීමට සූදානම් වන බවට මෙරට ප්‍රධාන ආයතනයක නිලධාරියෙක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණි කර තිබේ.
මෙම යකඩ අළෙවි කිරීමට සම්බන්ධ ප්‍රසම්පාදන කමිටුව හෝ ඇගයිම් කමිටුව අසම්පූර්ණ ඉල්ලුම්පත් සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ගයක් ගෙන නොමැතිව වැරදි ලේඛණ සහිතව දෙපාර්තුමේන්තුවට පාඩු වන මිල ඉදිරිපත් කළ සමාගම්වලට අඩුපාඩු සහිත ලේඛණ යළි නිවැරදි කරගැනීමට අවස්ථාවක් දී තිබෙන බව ද එම පැමිණිල්ලේ සඳහන් වේ.
දුම්රිය දෙපාර්තුමේන්තුවේ ඉහළ නිලධාරීන් සහ ප්‍රසම්පාදන අංශ නිලධාරීන් මෙම උත්සහායේ නිරතව සිටින බවත් දුම්රිය දෙපාර්තුමේන්තුව සතු අබලි යකඩ පුද්ගලික අංශය වෙත විකිණීමට අදාල ප්‍රසම්පාදන ක්‍රියාවලිය පසුගිය ජුලි මාසයේදී ප්‍රසිද්ධ පුවත්පත් දැන්වීමක් හරහා ආරම්භ කළ අතර එම ටෙන්ඩර් සදහා ඉදිරිපත් වූ සමාගම් ඉදිරිපත් කළ ලේඛණ පසුගිය මස 23 වැනිදා විවෘත කළ බවත් එම පැමිණිල්ලේ සඳහන් වේ.
එහිදි සමාගම් 11 ක් ප්‍රසම්පාදනයට අදාල ලේඛණ සහ ඉල්ලුම්පත් ඉදිරිපත් කර තිබුණු අතර ඒ අතරින් සමාගම් දෙකක් ප්‍රසම්පාදනයෙන් ප්‍රතික්ෂේප වන ආකාරයට කර්මාන්ත සංවර්ධණ මණ්ඩලයේ සත්‍ය ලේඛණ සහ මිල ගණන් ඉදිරිපත් කිරීමේදී සියයට 18 ක එකතු කළ අගය මත බදු අගයන් ඉදිරිපත් කර නොමැති බව නිරික්ෂණය වී ඇති බව ද ඔවුහු පවසති.
මෙම තත්වය මත නිවැරදි ලෙස මිල ගණන් සහ ලේඛණ ඉදිරිපත් කර තිබූ සමාගම්වලට අවස්ථාව අහිමි වන අතර රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශමාලාවට අනුව ටෙන්ඩර් විවෘත කළ පසු ටෙන්ඩර් පත්‍රිකාවල හිස්තැන් පිරවීමට ප්‍රසම්පාදන කමිටුවට බලයක් නැති අතර මෙම ටෙන්ඩරය රුපියල් මිලියන 1,000 කට වැඩි වීම මත පෙර සුදුසුකම් නිරීක්‍ෂණය බලධාරීන් අනිවාර්යෙන්ම සිදුකළ යුතු බවත් දුම්රිය වෘත්තිය සමිති පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුම්රිය වෘත්තීය සමිති වලින්ද ටෙන්ඩර් ගන්නේ?
ඔය අබලි යකඩ කියල විකුණන සමහරක් ඒවා ඉතා වටිනා පැරණි දුම්රිය එන්ජින් ද කියා සැකයක් තිබෙනවා, ඉස්සර ඉඳල භාවිතා කරපු වටිනා කෞතුකාගාරයක තියන්න ඕන දුම්රිය එන්ජින් දැන් නැහැ නොවේද? දෙක තුනක් නම් තිබෙනවා, නමුත් වැඩි හරියක් අතුරුදහන්.
ටෙන්ඩර් අයදුම්පත් පත්‍රයේ අසම්පූර්ණ හො වැරදි නිවැරදි කර ගන්න අවස්ථාවක් දීම වැරද්දක් වෙන්නේ කොහොමද ඒක සාධාරණ ක්‍රියාවක් එකෙන් එකෙන් තරගකාරි මිල ගණන් යටතේ අබලි යකඩ විකුණනා ගන්න අවස්ථාවක් ලැබෙනවා. ඒ නිසා මේක මේ තමන්ට ටෙන්ඩර්ය නොලැබිමේ අමනාපයට හො වැඩේ අනන්න කරන උත්සාහයක් වෙන්න පුළුවන්!
NPP එකට සම්බන්ධ ගොයියෙක් නම් ඔහුට උපරිම දඬුවම ලබා දිය යුතුයි. සමහර පිස්සු ටිකක් ඉන්නවනේ "මේක අපේ ආණ්ඩුව, අපිට කරන්න බැරි දෙයක් නෑ, අපිට ඕනම දෙයක් කරන්න පුළුවන්" කියාගෙන බොරු පම්පෝරි ගහන. උන්ට හොඳ පාඩම් ටිකක් උගන්නන්ට ඕන.