
(වසන්ත චන්ද්‍රපාල)
අම්පාර දමන එක්ගල්ඔය ප්‍රදේශයේදි ටිපර් රථයක් සහ මොටර් රථයක් මුහුණට මුහුණ ගැටිම නිසා තිදෙනකු මියගොස් තවත් පස් දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
අනතුර සිදුවෙන අවස්ථාවේ.ටිපර් රථය දමන සිට සියඹලාණ්ඩුව දෙසට ධාවනය වි ඇති අතර මොටර් රථය සියඹලාණ්ඩුවේ සිට දමන දෙසට ධාවනය වි තිබේ.
පසුව අවට පිරිස් එක්වි තුවාල කරුවන් දමන රෝහලට ඇතුලත් කර ඇති අතර බරපතල තුවාල කරුවන් අම්පාර මහා රෝහලට ඇතුලත් කර ඇත. දැනට මියගිය දෙදෙනෙකු ගේ සිරුරු අම්පාර මහා රෝහලේ ඇති අතර එක් මල සිරුරක් දමන ප්‍රාදේශිය රෝහලේ තැන්පත් කර තිබේ.අනෙක් තුවාල කරැවන් පස්දෙනා අම්පාර මහා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවද පොලීසිය සදහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පලවෙනි ලෝකයේ වාහන තුන්වෙනි ලෝකයේ රියදුරන්
කාරෙක හොහෙද ගිහිල්ලා තිබෙන්නේ?