(නිමන්ති රණසිංහ)

හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් රුපියල් කෝටි ගණන් වටිනා දේපළ උපයා ගනිමින් මුදල් විශුද්ධිකරණ පනත ප්‍රකාරව වරදක් සිදු කලැයි  රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රුවන් චමිල නොහොත් දෙමටගොඩ රුවන් ලබන 08 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික රාගල මහතා අද (22) නියෝග කළේය.

සැකකරු සම්බන්ධයෙන් වන විමර්ශන මෙතෙක් අවසන් ව  නොමැති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය. 

මහේස්ත්‍රාත්වරයා මෙලෙස නියෝග මෙම  සිද්ධියට අදාළ  මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (22)යළි කැඳවූ අවස්ථාවේදී ය .

මෙම සැකකරු මේ වන විට බූස්ස  බන්ධනාගාරයේ රඳවා තබා ඇති බවට බන්ධනාගාරය අධිකරණයට දැනුම් දුන්නේය.

තම සේවාදායකයා මෙම සිද්ධියට අදාළව මාස තුනකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බැවින් ඕනෑම එක කොන්දේසියක් මත ඔහු මුදා හරින ලෙසට සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා අධිකරණයෙන් ඉල්ලීමක් කළේය .

සිද්ධියට අදාළ විමර්ශන මෙතෙක් අවසන්ව නොමැති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන කරුණු සැලකිල්ලට ගත්  මහේස්ත්‍රාත්වරයා සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගත කිරීමට මෙහිදී  නියෝග කළේය .