IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


දෙමටගොඩ නිවසක තියුණු ආයුධ තොගයක්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

දෙමටගොඩ ධර්මාරාම පාර කාලිපුල්ල වත්ත  නිවසක  සඟවා තිබූ තියුණු ආයුධ තොගයක් සමග නිවසේ හිමිකරු  අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි .

සැකකරු සමඟ කඩු 13 පොලිස් භාරයට ගෙන ඇත.

එම නිවස තුළ මත්ද්‍රව්‍ය ජාවාරමක් සිදු වන බවට කොළඹ අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් අනුව  නිවස වටලා සිදු කළ පරික්ෂාවේදී පොහොර උරයක දමා තිබූ  කඩු තොගය සොයා ගත් බව පොලිසිය කියයි.

කාලිපුල්ල වත්ත  ට නිරතුරුවම ආ ගිය බව කියන  සංවිධානාත්මක අපරාධ කරුවකු වන වැල්ලම්පිටිය ප්‍රදේශයේ පරිප්පු වා නමැත්තා ගේ  සහෝදරයා වන වරුණ ලක්මාල් මධුරංග ගේ නම පවසා මුහුණ පුරා රැවුල වවාගත් කොල්ලො දෙදෙනකු විසින් මීට සති දෙකකට පමණ ඉහතදී රාත්‍රී 11.30 ට පමණ   ආයුධ තොගය  නිවෙසෙහි තබා අපි ආපහු අරගෙන යන්න එනවා යනුවෙන්   පවසා පිටත්ව ගිය බව  අත්අඩංගුවට ගත්  නිවෙස් හිමිකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ,ඔහු පවසා තිබේ.

ආයුධ තොගය සම්බන්ධයෙන් සැකකරු සිදුකරන ප්‍රකාශ  සත්‍ය දැයි සෙවීම සඳහා දීර්ඝ විමර්ශනයක් සිදුකරන බව පොලීසිය කියයි.

ඉකුත් දෙවැනි දින   දෙමටගොඩ ලක් හිරු සෙවන මහල් නිවාස සංකීර්ණයේ පදිංචි පුද්ගලයකුට  පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් දෙමටගොඩ පොලීසිය මගින් වරුණ ලක්මාල් මධුරංග නමැති පුද්ගලයා අත්අඩංගුවට ගෙන රක්ෂිත  බන්ධනාගාර ගත කර ඇති බවට   තොරතුරු අනාවරණය වී යැයි පොලිස් නිලධාරියකු පැවැසීය

අත්අඩංගුවට ගත් 53 හැවිරිදි සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය

 

 

 



අදහස් (4)

දෙමටගොඩ නිවසක තියුණු ආයුධ තොගයක්

Ruhunu Monday, 20 February 2023 02:23 PM

මෝටර් සයිකල්වලින් ඇවිල්ලා, වෙඩි තියලා යන තුවක්කු අල්ලන්න බෑ... කම්මල්වලට පැනලා මේවා අල්ලන්න පුළුවන්...

:       6       2

Malika Monday, 20 February 2023 03:39 PM

අර ඉස්සර ආගමික පල්ලි වගේකින් මතකද ඔය වගේම ආයුධ හොයා ගත්තා. මේත් ඒ වගේ රංගනයක පෙර පුහුණුවක්ද දන්නේ නැහැ.

:       1       3

KuleMonday, 20 February 2023 05:45 PM

තණකොළ කපන්න...!

:       0       0

Aravinda Monarawila Monday, 20 February 2023 04:39 PM

මුස්ලිම් අන්තවාදයද? දෙමළ ත්‍රස්තවාදයද? නැතිනම් සිංහල විප්ලවවාදීන්ද කියලා පැහැදිලි නැතත් ඡන්ද කාලයට රාජපක්ෂලා නටන නාඩගම් දැන් මෙයත් නටන්න පටන් අරන් වගේ...

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 359 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 214 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site