
(ප්‍රදීප් කුමාර ධර්මරත්න)
අරණායක දිප්පිටිය අල් ජෙලාල් මුස්ලිම් මහා විද්‍යාලය හා විල්පොල අල් අර්ෆා ප්‍රාථමික විද්‍යාලය අද (20) පෙරවරුවේ සිට වසා දැමූ බව අරණායක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය රසාංජන මෙන්ඩිස් මහතා පැවසීය.
විල්පොල ප්‍රදේශයේ කොවිඩ්- 19 ආසාදිතයන්ගේ වර්ධනයක් සිදුවන බැවින්, මෙම පාසල් දෙක පැවැත්වීම අවදානම් සහිත බැවින් අද සිට දින නියමයක් නොමැතිව පාසල් වසා දැමීමට පියවර ගත් බව සෞඛ්‍ය වෛද්‍යවරයා කීය.
එසේම විල්පොල ගමට ඇතුළුවන දිප්පිටිය නගරයේ විල්පොල හන්දිය හා වෙලපහල පාලම අසළ පොලිස් ආරක්ෂාව යොදවා විල්පොල ගමට ඇතුළු වීමට නොහැකි ලෙස සංචරණ සීමා පනවා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපොයි දෙයියනේ... !!!