(අංජුල මහික වීරරත්න)

දන්සැල් පැවැත්වීම සඳහා මාර්ගෝපදේශය මාලාවක් සෞඛ්‍ය හා  ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය විසින් නිකුත් කර තිබේ.

එම මාර්ගෝපදේශ අනුව දන්සැල් පැවැත්වීම සඳහා ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලයේ දන්සැල් ලියාපදිංචි කළ යුතු බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ තිලංග රුවන් පතිරණ මහතා පැවැසීය.

ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා    හෝ  මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හමුවී අවශ්‍ය උපදෙස් ලබාගෙන දන්සැල ලියාපදිංචි කරගන්නා මෙන් රුවන් පතිරණ මහතා ඉල්ලීමක් කරයි.
 මේ දිනවල පැතිර යන සමහර බෝවන රෝග සම්බන්ධයෙන් ද සලකා තේ,කෝපි,රණවරා, කොත්තමල්ලි වැනි උණුසුම් පාන වර්ග සහිත දන්සල් සංවිධාන කරන මෙන් ප්‍රජා වෛද්‍ය විශේෂඥ තිලංග රුවන් පතිරණ මහතා දන්සල් සංවිධායකයින්ගෙන්  විශේෂ ඉල්ලීමක් කරයි.

දන්සල් සූදානම් කරන,පවත්වන කාලයේ  මෙන්ම දන්සැල නිමාකළ පසුවද ඒ කටයුතු සම්බන්ධයෙන් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ අධීක්ෂණය සිදු වන බවද විශේෂඥ තිලංග රුවන් පතිරණ මහතා කියා සිටී.  

දන්සල් පැවැත්වීමට අදාළ මාර්ගෝපදේශ වසංගත රෝග විද්‍යා අංශයේවෙබ් අඩවියේ (www.epid.gov.lk) සඳහන් කර ඇතැයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ තිලංග රුවන් පතිරණ මහතා කියයි.