(ඩයනා උදයංගනී සහ ළහිරු හර්ෂණ)
ශ්‍රී ලංකාවෙන් ඉකුත් 24 පැයේ කොවිඩ් ආසාදිතයින් 997 දෙනකු වාර්තා වූ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාලය නිකුත් කළ දෛනික වාර්තාවේ දැක්වේ.
එය මෙරටින් දිනකදී වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ලෙස ද සැලකේ.
මේ වන විට මෙරටින් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 102,376ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන් 94,577 දෙනකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇතැයි ද එම වාර්තාවේ සඳහන්ය.
ආසාදිතයින් 7,152 දෙනෙක් මේ වන විටත් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටිති.
මේ වන විට මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 647 කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රෝගීන්ගේ වැඩිවීමේ කිසිම ගැටළුවක් නැහැ. විදේශ සංචාරකයින් තව මේ රටට ගෙන්වන්න. ඒ වගේම විදේශ ගත ශ්‍රී ලාංකිකයින්ගෙන් (මිනිස් බෝම්බ) තව වැඩිපුර මුදල් ගසා කන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න. මොනා නැතත්, රටේ ආර්ථිකය හා ජාතික ආරක්ෂාවයි අපට වැදගත් වන්නේ???