
(උපුල් හේරත්,අනුරාධපුර, බී.ජී.චතුරංග සහ දයාරත්න ඇඹොගම)
දින හතක් වයසැති දරුවකු රුපියල් 50,000 මිලට ගත් කාන්තාව සහ අතර මැදියා ලෙස කටයුතු කළ පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බවත් අනුරාධපුර පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශය පවසයි.
කැබිතිගොල්ලෑව වාහල්කඩ පදිංචි කාන්තාවක සහ මෙම ගනුදෙනුවේ අතර මැදියා ලෙස කටයුතු කළ අනුරාධපුර ත්‍රිරෝද රථ රියැදුරකු මෙසේ අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
දරුවා පියා මෙම දරුවා විකුණා ඇති බවට මූලික පරීක්ෂණවලින් අනාවරණය වූ බවත් ඔහු මේ වන විට ප්‍රදේශයෙන් අතුරුදහන්ව ඇතැයි පොලිසිය කියයි.
අනුරාධපුර, මල්වතු පටුමග, පදිංචි අවුරුදු 21 හැවිරිදි දරුවාගේ මව සිදු කළ පැමිණිල්ලකට අනුව සිදු කළ විමර්ශනයකින් පසු බිළිඳු දරුවා සමඟ සැකකරු සහ සැකකාරිය අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
නිත්‍යානුකූල නොවන සම්බන්ධතාවයකින් උපන්නේ යැයි කියන එම දරුවා අනුරාධපුර ශික්ෂණ රෝහලේ දී ප්‍රසූත කර ඇත.
ඉන් පසු එම බිළිදා ඇය පදිංචි නිවසට රැගෙන ආ අතර ,එම බිළිඳාගේ පියා හා මව අතර ගැටුම්කාරී තත්වයක් හටගෙන ඇති බවට පොලිස් විමර්ශනවල දී තොරතුරු අනාවරණය කරගෙන ඇත.
දරුවාගේ මව ඇගේ බිළිදා කිසියම් කෙනකු රැගෙන යන්නට ඇතැයි කියන සිද්ධියක් පාදක කර ගෙන ඇය අනුරාධපුර පොලිසියට පැමිණිල්ලක් කර ඇත.
මෙම පැමිණිල්ලෙ සදහන් සාක්ෂි හා දුරකථන අංක ඔස්සේ සිදු කළ විමර්ශනයේ දී දින හතක් පමණ වයසැති එම දරුවා සහ සැකකරුවන් ගෙන්වා ගෙන අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
එම දරුවා අලෙවි කිරීම සඳහා හෙදියක ගේ සහ උපස්ථායක වරියකගේ ආධාර අනුබල ලැබී ඇති බව සැකකරයි පොලිසිය කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හම්බවෙන ළමයින්ව හදාගන්න ක්‍රමයකුත් නැත්නම්, විසිකරලා දාන්නත් බැරිනම්, කාට හෝ හදාගන්න කෙනෙකුට මුදලට විකුණන්න හෝ පිනට දෙන්නත් බැරි නම්, ඒ ගැන රජයට වැඩ පිළිවෙලකුත් නැත්නම්, ඒ අය මොකද කරන්න ඕනෑ...? විනිශ්චය කර දඬුවම් නියම කරන්න නම් ලංකාවේ ඕනෑතරම් මිනිස්සු ඉන්නවා. ඉස්සර කතෝලික සභාවේ කන්‍යා සොහොයුරියන් මෙහෙයවන මධ්‍යස්ථාන වල මෙවැනි ළමුන්ට රැකවරණය සපයනවා නමුත් දැන් ඒ තත්වය සමහරවිට වෙනස් වෙලා ඇති. හොඳ වැඩක් කරද්දී ඒවාට එරෙහිව චෝදනා නගන උන්මන්තකයින් ගැන මම මෙතන අමුතුවෙන් ලියන්න ඕනෑ නැහැනේ...!
දරුවා හදාගන්න ක්‍රමයක් නැතිනම්... ලංකාවේ කිසිම ක්ෂණික විසඳුමක් නැතිනම් දරුවා හදාවඩාගන්න දෙන්න නීත්‍යානුකූලව... ඒකෙ වැරැද්දක් නෑ.. අනේ මන්දා මොන නීතියක්ද අපේ රටේ...!