චන්ද්‍රසේන ගමගේ
දැන් පාර්ලිමේන්තුව තුළ සිදුවෙන විවාද පාර්ලිමේන්තුවේ විවාද විදියට අප සළකන්නේ නෑ. ඒවා සාමාන්‍ය සාකච්ඡා පමණයි. පාර්ලිමේන්තුව තුළ විවාද කිරීමේදී හා පනත් සම්මත කිරීමේදී ක්‍රමවේදයක් තිබෙනවා. ස්ථාවර නියෝග වලට පිටින් යමින් දැන් සිදුවෙන විවාද හා යම් යම් පනත් සම්මත කිරීම නීතියට පටහැනිව සිදු වෙනවා. එම නිසා ඒ කිසිවක් අප පිළිගන්නේ නැතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
අඟුණකොලපැලැස්ස ගෝඨාභයගම ප්‍රදේශයේ ගොවීන්ට කෘෂිකාර්මික වගාවන් සඳහා බද්ධ පැල ලබාදීමේ උත්සවයකට සහභාගී වීමෙන් පසුව ඇමැතිවරයා අද (30) මෙසේ පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා රටේ අනාගතය තීන්දු තිරීම පිළිබඳව ජනාධිපතිතුමාට මෙන්ම අපි හැමෝටම වගකීමක් තිබෙනවා. රට අරාජික වෙන තත්වයකට පත් කිරීමට ජනාධිපති කටයුතු කරන්නේ නැති බවට අපිට දැඩි විශ්වාසයක් පවතිනවා. පවතින දේශපාලන අර්බුදය තව දින කිහිපයක් ඇතුළත විසදීම සදහා ජනාධිපති මෙන්ම අගමැති පියවර ගනු ඇති බවට අප තුළ අපේක්ෂාවක් පවතිනවා.
නැගෙනහිර ප්‍රදේශයේ පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ඝාතනය සම්බන්ධව ආණ්ඩුව මේ වන විට පුළුල් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. පවතින දේශපාලන අර්බුදයෙන් දේශපාලන වාසි ගැනීමට මෙම ඝාතනයන් උපයෝගී කරගන්නට කවුරුන් හෝ උත්සාහ කළා ද යන්නත් ආණ්ඩුව සොයා බලමින් යනවා. කෙසේ නමුත් නැවතත් රට තුළ යුදමය තත්වයක් ඇති කරන්න කාටවත් ඉඩ නොතබන බවද සඳහන් කරන්න කැමතියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝටි ගණන් වියදම් කරලා " බහුතරය" හදාගන්න උත්සාහ කලේ මොන ඉලව්වකටද? ජනාධිපතිතුමත් කීප සැරයක්ම කිව්වනේ 113න් තියෙන්නේ එතුමාට කියලා. දැන් එතකොට බහුතරය එපාද? බහුතරය පෙන්වන්න බැරි අවුලක් තියෙන නිසාද? මේ පාර්ලිමේන්තුව වර්ජනය කරන්නේ? මේවා ලෝකයම හිනස්සවන විහිලු තහළු බවයි පෙනෙන්නේ.
ජනතාව ඔබතුමාගේ කතාව පිළිගන්නවා.
පාර්ලිමේන්තුවේ බලයක් නැහැ. ඒකයි මගහරින්නේ.
ඔයාලා කියනවනේ ආණ්ඩුවක් තියෙනවා කියලා එහෙනම් කොහොමද අරාජික වෙන්නේ
මෙයාට පොහොට්ටුවේ සරණ විතරයි ඉතිරිවෙලා තියෙන්නේ
අපිට පිලිගන්නත් බැහැ තමයි වෙච්ච දේ. බහුතරය තියන අය විරුද්ධ පක්ෂයේ, සුළුතරය තියන අය ආණ්ඩුපක්ෂයේ. හතර බීරි කතාවක් .
අපිනම් දැන් විතරක් නෙමෙයි ඉස්සරත් පිළිගත්තේ නැහැ.
මොනවා වුනත් මහින්ද අමරවීර ජනාධිපති අගමැති එක්ක සහයෝගෙන් ඉන්නෙක ගැන හරිම සතුටුයි.
ඔහේ නොවෙයි, ඒවා පිළිගන්නවාද? නැද්ද? කියලා තීරණය කරන්නේ.. මහජනයායි. ඔහේලා මේ රටට පිළිලයක්...
එකවරක් නොව, හතර, පස් වතාවක් පැරදී කුජීත වී තිබියදී තවත් විශ්වාසභංග කතා.... ලෝකයා හිනස්සන විහිලු තමයි.
ඔබලාට 113 සිටියා නම් පාර්ලිමේන්තුවේ සිදුවන දේවල් පිළිගන්නවා නේද? ඔබලාව ඔතැනට එව්වේ පසුගාමී අප්‍රසන්න ක්‍රියා කිරීමට නොවෙයි. ඔබලාගේ සෑම කෙරුවාවක්ම සම්බන්ධයෙන් ඔබලා ඔතැනට පත්කර එවූ මහජනතාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව වගකිව යුතු බවත්, ඔබලා ජනතාවගේ හාම්පුතුන් නොවන බවත් අමතක වී නම් කණගාටුයි. 2015 ජනවාරි මාසයේ සිට ඔබ සැමට තිබුනේ රට ගොඩනැගීම ගැන නොවන බල අරගලයක් බව ඉතා මැනවින් ඔබලා විසින්ම ඔප්පුකරනු ලැබ ඇත. දැන් බුද්ධිමත් ඡන්දදායකයා ගැත්තෙක් හෝ එහෙයියෙක් නොවෙයි.
ඔබේ මහත්මාකම අතහැර ගන්න එපා.
බල්ලොත් එක්ක ලැගලා මැක්කොත් එක්ක නැගිටින්න වෙනවා