(වසන්ත චන්ද්‍රපාල)
පොතුවිල් ගම්මානයේ දරුවන් තිදෙනෙකු තමන්ට බඩගිනි බව පවසමින් පොතුවිල් පොලිසියට පැමිණ ආහාරය ඉල්ලා තිබෙන පුවතක් පොතුවිල් ප්‍රදේශයෙන් වාර්තාවේ.
අද (06) පිරිමි ළමුන් දෙදෙනෙකු සහ කුඩා ගැහැණු දරුවෙකු පැමිණ දින දෙකකින් ආහාර නොගත් බව පවසා පොලිසියෙන් ආහාර ඉල්ලා තිබේ.පසුව පොතුවිල් පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත කුමාරසිංහ මහතා විසින් මෙම දරුවන්ට ආහාර ලබාදීමට කටයුතු කර ඇත.
මෙම දරුවන් පිලිබඳව පොලිසිය කරුණු සොයා බැලිමේදී මෙම දරුවන් තිදෙනාගේ පියා විදේශ ගතව ඇති අතර මව මෙම දරුවන්ට නොසලකන බව සොයාගෙන තිබේ.
තම මවට වෙනත් පුද්ගලයෙක් ආහාර ගෙනත් දෙන බවත් තමන්ට එම ආහාර ලබා නොදෙන බවත් මෙම දරුවන් තිදෙනා පොලිසියට පවසා තිබේ.ඉකුත් 05 වැනිදා ආහාර ගැනීමෙන් පසුව කිසිම ආහාරයක් මෙම දරුවන් ලබාගෙන නැති අතර පොලිස් නිලධාරීන් විසින් මෙම දරුවන්ට ආහාර ලබාදී තිබේ.
මෙම දරුවන් තිදෙනාගෙන් දෙදෙනෙක් පිරිමි දරුවන් වන අතර ඔවුන් වයස අවුරුදු 14 සහ 13 වියෙහි පසුවෙති ගැහැණු දරුවාට වයස අවුරුදු 07 කි.
පොතුවිල් පොලිසිය මගින් මෙම දරුවන්ගේ මව අත්අඩංගුවට ගෙන දරු තිදෙනා සමඟ පොතුවිල් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර පොතුවිල් මහේස්ත්‍රාත් මොහමඩ් රාෆි මහතා විසින් මවමෙම මස 12 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ අතර මෙම දරුවන් තිදෙනා ළමා ආරක්ෂණ අධිකාරියේ රැකවරණය යටතේ ඔවුන් ගේ මාමාට භාරදි තිබේ.
මෙම මස 12 වෙනි දින මෙම දරුවන් නැවත අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම කණගාටුදායක පුවතක්...
රටේ මේ වගේ අසරණ වෙන ළමයි සහ මිනිස්සු කොච්චර ඇතිද. ඒත් රටේ දේශපාලන කරන අය ලක්ශ හයහමරේ සැප පුටු ගන්නවා, ලක්ශ පනහේ වැසිකිලි හදනවා, ලක්ශ 250 වාහන අරන් ඩීසල් නාස්ති කර කර පාවිච්චි කරනවා. මේ නාස්ති කරන මහජන මුදල් මේ වගේ අසරණ වෙන මිනිස්සු වෙනුවෙන් සහ රටේ කුඩා ව්‍යාපාරිකයෝ හදන්න පාවිච්චි කරා නම් මේ රට මානුෂිකව සහ ආර්ථික වශයෙනුත් ශක්තිමත් වෙනවා.
පාර්ලිමේන්තුවේ ඇතුලේ තියෙන බල පොරයට, රටේ මිනිසුන් මුහුණ දෙන මේ නියම ප්‍රශ්න පෙනෙන්නේ නැහැ. මා සිතන්නේ මේ මෙම දරුවන්ගේ මව බන්ධනාගාර ගත කිරීමෙන් මේ අසරණ පවුල කබලෙන් ලිපට වැටුනා යයි කියයි. අද මේ තත්වය බොහෝ පවුල් වල දක්නට ලැබෙන්නේ ආර්ථික ප්‍රශ්න නිසයි. මේ මවට යම් රැකියාවක් සොයා දීමට කටයුතු කළා නම් මීට වඩා හොඳ යයි මා සිතමි.
මේ දවස්වල තියන ලොකුම ප්රශ්නය දරුවෝ නෙවේ. අනේ මෙහෙමත් රටක්, අහිංසක දරුවෝ. හිතට හරි දුකයි තමා.
හද කම්පාවන දුක්මුසු පුවතක්. පොතුවිල් පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත කුමාරසිංහ මහතාට මගේ ආචාරය.
ගෙදර දරුවොත් රටේ දරුවොත් දුක්විඳිනවා. පිරිහුණ සමාජයකින් මේවගේ පුවත් බලාපොරොත්තු නොවී බැහැ. ගම්මට්ටමින් රාජ්‍ය ආයතන හා බැඳුන යාන්ත්‍රණයක් තිබේනම් මේවගේ පොඩි පොඩි ප්‍රශ්න නෙමෙයි මිනි මැරුම්, සිය දිවි නසාගැනීම් වුනත් පහසුවෙන් වලක්වගන්න පුළුවන්. පව් අසරණ දරුවෝ.
වරද කාගේද. ආණ්ඩුවක් නැති හින්ද ආණ්ඩුවට බණින්නත් බැහැ. එකක් විශ්වාසයි මෙතන පාට පාට අදහස් දමන බවනම්
හිත සසල වෙන කතා, අහස උසට නෙලුම් කුළුණු රට පුරා වොස්ක්වැගන් මොටද මිනිස්සුන්ට කුසට අහරක් නැත්නම්. 70 වසරක දේශපාලනය අපට ඉතුරු කරලා දුන්නු දේවල් ,
පපුව පිච්චිලා ගියා
ඇයි අර දරුවන් අරගෙන වඩා නොගෙන උඩදාන මැදමුලනේ ආඩම්බරකාර තාත්තට මේ දරුවන් මුණ ගැස්සුවේ නැතිද?
'තම මවට වෙනත් පුද්ගලයෙක් ආහාර ගෙනත් දෙන බවත් තමන්ට එම ආහාර ලබා නොදෙන බවත්.....' අන්න ඒ කතාව ඇත්ත නම්, මෙන්න මේ දෙය මොන ආණ්ඩුවටද නවත්වන්න පුළුවන්. මෙහෙම අම්මලා විතරක් නෙවෙයි තාත්තලාත් ඉන්නවා.
ඇයි මේ රටේ ගම් මට්ටමේ කටයුතු හොයන්න බලන්න ග්‍රාම නිලධාරි කියල කට්ටියක් ඉන්නවා නේද? ඒ ගොල්ලො නිදිද ?
රට බෙදන්න ඉස්සෙල්ලා ඔය ළමයින්ට කන්න දෙන්න කියන්න