(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ )
පසුගිය ඔක්තෝබර් 26 වැනිදා සිදුවූ දේශපාලන වියවුල හේතුවෙන් දින 51ක් පුරා දෙදරා ගිය ආර්ථිකය යළි ඉහළට ඔසවා තැබීමට පියවර ගන්නා බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් අද (10)පැවසීය.
කුමන දුෂ්කරතා පැමිණිය ද ජනතා හිතවාදී අයවැයක් ගෙනෙන බව අගමැතිවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම ණය මුදල වන ඇමෙරිකානු ඩොලර් මිලියන 2600 ක් මෙම මස 14 වැනි දා ගෙවීමට ඇතැයි ද රනිල් වික්‍රමසිංහ මහතා කීවේය.
දින 51 ක් පුරා පැවති දේශපාලන වියවුල නිසා රටේ ආර්ථිකයට මරු පහරක් එල්ල වූ බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් අපිට හොදට මතකයි කලින් අවුරුදු තුනේ තිබුන හැටි
මේ දින ටිකට විතරක්ද ආර්ථිකය දෙදරලා ගියේ.
ඔය කියන විදියට ඊට පෙර රටේ පුදුම සංවර්ධනයක්නේ තිබිලා තියෙන්නේ ...
දෙදරන්න ඔය 51 ට කලින් ආර්ථිකයක් තිබුනද??
අවුරුදු තුනක් තිස්සේ රටේ ආර්ථිකය බින්දුවටම බස්සල දවස් 51 ගැන කියනවා රුපියල අවප්‍රමාණ උනේ ඔය දවස් 51 එකේ ද ? කුඩා දරුවෙකුට පවා තේරෙන දෙයක් ඒක රටේ මිනිස්සු ඔය තරම් මෝඩයෝ නෙමේ හැබැයි මෝඩයෝ පිරිසක් රටේ ඉන්නවා මෙයාලට කඩේයන
යාන්තම් වාහනයක් කියාලා එකක් ඕනි නිසා කෑලි කෑලි එකතු කරලා අටවා ගත්තා විතරයි. ඒකටත් පුදනකොටම කාපි යකා කියලා කාබන් බද්දක් ගහලා. එත් ඇහෙන්නේ ආර්ථිකය උස්සනවා කියලයි. අපේ ආර්ථිකේද වෙන කට්ටියකගේ ආර්ථිකයද කියාලා කවුද දන්නේ? පහුගිය කාලේ කාගේ කාගේත් ආර්ථිකය උඩට ඉස්සුවා අපි දැක්කා. 2015 වාදනය කරපු තැටිය ආයෙත් දාලා වගේ. අපිට විහිළු කරනවාද මන්දා!!
අවුරුදු 3 හමාරක් තිස්සේ උඩට නැග්ග ආර්ථිකය දවස් 51 කින් කඩා වැටුනානම් දැන් හොයන්න තියෙන්නේ ඇත්තටම එක උඩ ගියාද නැතිනම් වෙන කොහෙවත් ගිහින් කඩා වැටුනාද කියාලයි. 1277 දවසක ආර්ථිකය දින 51 න් වැටුණාද?
එතකොට අවුරුදු හතරක් පුරාවට දෙදරා ගිය ආර්ථිකය ගොඩ ගන්නේ කවුද? අපි බලමු ජනපති වරණයෙන් පසු .
ඒ කියන්නේ ඊට කලින් අවුරුදු තුනක් කඩාවැටුණු ආර්ථිකය එහෙම්මම තියෙන්න අරිනවද?
ඔයා උස්සයි. අපි එපැයි බදු ගෙවන්න.
මහබැංකුවට විද්දේ කවුද කියලා හෙව්වොත් ගොඩක් හොඳයි.
අවුරුදු 31/2ක් තිස්සේ පල්ලම් බැස්ස ආර්ථිකේ ගැන හා මහබැංකුව ගැන ප්‍රකාශන නැද්ද?
සහතික ඇත්ත ඔබතුමාලා නග්ගගෙන ලෝකෙම අංක එකේ අර්ථික රට කරපු එක මේ ගොල්ල දවස් 51න් බිංදුවට දැම්මනේ !
මට විනාඩියක් දෙන්න . පුදුම වෙන්න ..!!! දැන් ඉන්න අලින්ගෙන්ද ...?
ඊට කලින් ආර්ථිකය පට්ටම තිබ්බනේ.. අනේ නිකන් යන්න..
හිතවත් රනිල්, මෝඩ කතා කියන්න එපා. ඔක්තෝම්බර් 26 වෙනිදා ඩොලර් එකේ ගාන බලන්න...
දින 51ට කලින් රට ස්වයංපෝෂිත වෙලාද තිබුනේ...?
ඔය වැඩේට තව අවුරුදු කීයක් ඕනෑද? ලැජ්ජා නැතිකම අගමැති කමටත් වඩා ලොකුයිලු...
ආර්ථිකේ උස්සපු හැටි 2015 සිටම දැක්කා. එදා 7.2% ක් තිබුණු ආර්ථික වර්ධන වේගේ 2018 ඔක්තෝබර් වෙනකොට 3.1% ට ක්‍රමයෙන් අඩුවුණා. ඩොලරය රුපියල් 133 සිට 177 දක්වා ඉහළ ගියා. රටේ බදු මිල, බදු ගැසීම් වැඩිවුණා.. මේ තමා වුණු සංවර්ධනය. තව ඕනේ තරම් දූෂණ ගැන කියන්න පුළුවන් මහබැංකු හොරකමෙන් පටන් ගත්තම...
මෙහෙම කතා කියන්නේ එජාපයේ ඉන්නේ මෝඩයෝ කියල හිතාගෙනද???
එතකොට අවුරුදු 4 කඩා වැටුන ආර්ථිකය මහින්දද ගොඩගන්න ඕනේ?