IMG-LOGO

දෙදරු පියාගේ ගෙල කපා නිල්වලා ගඟට විසිකරයි

(ප්‍රියන්ත දසනායක  සහ අජිත් ලංකාතිලක)

අකුරැස්ස තිබ්බටුවාව ප්‍රදේශයේ නිවසකදී තියුණු ආයුද යකින් එල්ල කර පියා මරා මව සහ දියණියක බරපත තුවාල කර ඇතැයි අකුරැස්ස පොලිසිය කියයි. 

නිවසේ සාලයේදී  69 හැවිරිදි පියාගේ ගෙළ කපා කෘර ලෙස ඝාතනය කොට හිස නිල්වලා ගඟට විසි කර ඇතැයි ද ඔහුගේ බිරිය සහ දියණියට තියුණු ආයුදයකින් පහරදී ඇතැයි ද පොලිසියකියයි.   

මෙසේ අමානුෂික ලෙස ඝාතනය කොට ඇත්තේ අකුරැස්ස තිබ්බටුවාව, තලගස්ස, වලකඩවත්ත කළුගමහේන නිවසේ පදිංචි දෙදරු පියකු වූ වෙල්ලාර තන්තිරිගේ සුමණපාල (අවු.69) නැමති ප්‍රදේශයේ කපු මහතා නමින් ගම්වාසීන් හදුන්වනු ලබන ආබාධිතයකු බව පොලීසිය කීය.

කාලයක් තිස්සේ පවතින ආරවුලක් කිදා ඝාතනය කොට ඇතැයි පොලිසිය සැකකරයි.  කඩුවකින් කපා හිස නිල්වලා ගඟට විසි කර ඇති බවට ලේ සලකුණු ඔස්සේ දැක ගත හැකි බවත් උසස් පොලිස් නිළධාරියකු කීය.

ප්‍රදේශයේ විවිධ අපරාධ අපචාර හා කාන්තාවන්ගේ අග පසග අතගෑම් ආදී සිද්ධීන් ගණනාවක් සම්බන්ධයෙන් පොලිසියට කරදරකාරි අධිකරණයෙන් වරදකරුව සිටිනා අයකු බවත් සැකකාර පළාගොස් සිටින බව කියන 29 හැවිරිදි ඝාතකයා සොයා පොලිස් විමර්ශන කණ්ඩායම් කීපයක් ප්‍රදේශය පුරා මෙහෙයුමක් ආරම්භ කර ඇත.



අදහස් (4)

දෙදරු පියාගේ ගෙල කපා නිල්වලා ගඟට විසිකරයි

දිමුත් Monday, 27 June 2022 04:07 PM

ඔය වගේ පිළිල සමාජෙන් අයින් කරන්න ඕනේ...!

:       1       24

sathyapalaMonday, 27 June 2022 07:24 PM

සමාජයට පිළිල... සාහසික මිනීමරුවන් පිළිලයක්...

:       0       5

BamunuarachchiWednesday, 29 June 2022 09:05 AM

අයින් කරලා බලන්නකෝ ඊලනගට නීති කාරයොයි සත් ගුණවත් මිනිස්සුයි පත්තරවල කියන ඒවා අහන්න.

:       0       0

fairoos Monday, 27 June 2022 05:18 PM

අනේ මෙහෙමත් තිරිසන්නු..!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 69 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 985 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site