IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


දඩයමේ ගිය තිදෙනෙක් ගිනි අවි සමඟ මාට්ටු

(හිරාන් ප්‍රියංකර ජයසිංහ  සහ ජයරත්න වික්‍රමආරච්චි)

තබ්බෝව අභය භුමියට යාබද පාවට්ටාමඩුව ප්‍රදේශයේ දඩයමේ යාමේ අරමුණින් සිටි තරුණයින් තිදෙනෙකු ගිනි අවි හා යතුරු දෙකක් සමග කරුවලගස්වැව වනජීවි නිළධාරින්  අද (18)  අලුයම අත් අඩංගුවට ගත් බව කියයි.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ තබ්බෝව හා පාවට්ටාමඩුව ප්‍රදේශ වල පදිංචි තිදෙනෙකි.

සැකකරුවන් 18 අලුයම බලපත්‍ර නොමැති  බෝර 12 ගිනි අවියක් හා වායු රයිපලයක් රැගෙන යතුරු පැදි දෙකක නැගි දඩයමේ යමින් සිටියදී වන අලි පලවා හැරිමේ නිරත වි සිටි  වනජීවි නිළධාරින්ගේ අත් අඩංගුවට පත්වි ඇති බව කියයි.

මෙම සැකකරුවන් සන්තකයේ ජීව පතොරමක්, ඊයම් බහුරක් විදුලි පන්දම් තුනක්ද වන ජීවී බාරයට ගෙන තිබූ බව කියයි.

අත් අඩංගුවට ගත් සැකකරුවන් වනජීවි ඇප මත මුදා හැර ඇති අතර 26 දින පුත්තලම අධිකරණයට ඉදිරිපත් වන ලෙසට වනජීවි නිළධාරින් නියෝග කර තිබේ.

වැටලිම සදහා කරුවලගස්වැව අඩවි වනජීවි කාර්යාලයේ නිළධාරින් සමග සිවිල් ආරක්ෂක නිළධාරින් එක්ව තිබුණි.

(ඡායාරූප: හිරාන් ප්‍රියංකර ජයසිංහ)



අදහස් (0)

දඩයමේ ගිය තිදෙනෙක් ගිනි අවි සමඟ මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31023 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13149 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10941 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 15 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 871 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 258 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site