(සුජිත් හේවාජුලිගේ )
පසුගිය මහමැතිවරණයෙන් පරාජයට පත්වීමෙන් පසු කොළඹ මාදිවෙල මන්ත්‍රී නිල නිවාසවල අනවසරෙන් පදිංචිව සිටි බව කියන මන්ත්‍රීවරුන් 8 දෙනකුට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරගෙන යන බව පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවැසීය.
පැරදුණු මන්ත්‍රීවරුන්ට එම නිවාස සංකීර්ණයේ නිවාසවල රැඳී සිටීමට ලබාදුන් කාලය ඉක්මවා රැඳී සිටීම නිසා අය කෙරුණු දඩ මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව මෙසේ නඩු පැවරීමට තීරණය කළ බවද හෙතෙම සඳහන් කළේය.
අනවසරයෙන් රැඳී සිටින එක් දිනක් වෙනුවෙන් අය කෙරෙන දඩ මුදල රුපියල් 500කි. මේ අනුව මෙසේ ගෙවීම පැහැර හැර ඇතැයි පැවසෙන දඩ මුදල්වල වටිනාකම රුපියල් ලක්ෂ දහයකට ආසන්නය.
එම පැරදුණු මන්ත්‍රීවරුන් මාදිවෙල මන්ත්‍රී නිල නිවාසවලින් පසුකාලීනව ඉවත්ව ගොස් ඇතත් ඒවායේ අනවසරෙන් රැඳී සිටි කාලයට අයකෙරෙනු දඩ මුදල් ගෙවීම මෙසේ පැහැර හැර ඇති බවත් දඩ මුදල වහාම ගෙවන්නැයි සිහිකැඳවීම් ගණනාවක් කර ඇතත් ඔවුන් එම ගෙවීම් මේ දක්වාම කර නැති බවත් පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
දඩ මුදල් ගෙවීම මෙසේ පැහැර හැර මන්ත්‍රීවරුන් අතර ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ අයද වෙති.
මැතිවරණවලින් පරාජය වන මන්ත්‍රීවරුන්ට මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වල නිත්‍යානුකූලව රැඳී සිටීමට අවසර ලැබෙන්නේ මැතිවරණය පැවැත්වෙන දින සිට මාසයක පමණ කාලයක් පමණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සුමානෙට ඕකද නාටකේ...?
නීතිය ගැන පම්පෝරි ගහන මහ නීති විශාරදයෝයි කියා ගන්නා පුද්ගලයින් වැහි වැහැලා ඉන්න රටක මෙහෙම දේවල් සිදුවන්නේ ඔවුන් විසින් සකස් කරන ගිවිසුම් වුවමනාවෙන්ම වංචනිකයින්ට පහසු වන විදිහට සකස් කරන නිසයි. නීති හදන අය මෙහෙම කරනවා නම්, අන් අය ගැන මොන කතාද?
මේ ගරු උතුමන්ලාගේ නම්ටිකත් දාන්නකෝ..! අපි හිඟාකාලා හරි ගෙවලා දාන්නම්...
නඩුගැන කතාකරන්න එපා. නිකන් උසාවිවල කාලය කනවා. ඕකත් ලිත් නඩුව වගේ තමයි.
නාටක එපා, කරන්නේ නැති දේවල් කරන්නේ සෙවලයෝ...!
ඡන්දෙන් පරාද නම් මන්ත්‍රී නෙවෙයි නේද?
පොහොට්ටුවට හේත්තු වුණොත් නිදොස් කොට නිදහස්...!