
(සනත් ගමගේ)
අම්බලන්තොට නගරයේ රථවාහන රාජකාරියේ නියැලී සිටි පොලිස් කොස්තාපල් වරයකුට අද දහවල් කුඩා අත් පොරවකින් පහරදීමෙන් තුවාල ලබා අම්බලන්තොට රජයේ රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව හම්බන්තොට මහ රෝහල වෙත මාරුකර යවා ඇතැයි පොලිසිය කියයි.
පහර දුන් පුද්ගලයා ද එම ස්ථානයේ දි වස පානය කිරීමෙන් පසුව පොලිස් බාරයට ගෙන රෝහල් ගත කර ඇත. ඔහුද හම්බන්තොට මහ රෝහල වෙත මාරුකර යවා තිබේ.
බීමත්කමින් රිය පැදවීම සම්බන්දයෙන් මීට දින කිහිපයකට කලින් මෙම පහරදුන් පුද්ගලයාට නඩු පවරා ඇති බවත් එයට උරණ වීමෙන් රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල් වරයාගේ පිටුපස ප්‍රදේශයට උර හිසට පහලින් පොරොව පහරක් ගසා ඇති බව පොලීසිය කියයි. තවත් නිළධාරියක්ද මෙම ස්ථානයේ රාජකාරියේ නියැලී සිට ඇත. සිද්ධිය සම්බන්දයෙන් අම්බලන්තොට පොලිසිය පරීක්ෂණ පවත්වයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් හරි. මිනිහාට නඩු දෙකයි. පොරෝ නඩුවට නම් කූරු ගනින්න පුළුවන් කාලෙකට... මෙහෙමත් මී හරක්...!
පොලිසිය ගැන නම් කියලා වැඩක් නැහැ. ඔවුන් ඇත්තටම ගොරකා, දඩමස් කරන ආකාරය මේ සතියේ දැක්කා..
මම දන්න වැන්දඹු කාන්තාවක් තමන්ගේ ගෙදරට එන මාර්ගය පටුවන සේ කම්බි වැටක් ඉදිකිරීමට විරුද්ධව පැමිණිලි කළා.. පරීක්ෂණ සඳහා ගිය කොස්තාපල්වරයා වැරැදිකරුගේ (ඔහු කසිප්පු ජාවාරම් කාරයෙක්) නිවසේදී හොඳින්ම සප්පායම් වී පැමිණිලි කාරියටත් එම මාර්ගය පාවිච්චි කරන අයටත් බැණ වැදී වැරැදි තොරතුරු වාර්තාව ඉදිරිපත් කරඇති අතර කෙසේවත් එම වැට ඉවත් නොකරනසේ අවශ්‍ය උපදෙස් දී ඇත. ඉතාමත් සුළු පිරිසක් කරන මෙම වැඩවලින් සමස්ථ පොලීසියටම අපහාසයක් වනනිසා පොලිසියේ විනය රැකීමටත් ගොරකා දඩමස් කිරීමේ අවස්ථා අඩුකිරීමටත් ක්‍රියාකළ යුතුයි...
ජරාව කන අයට මෙහෙම වෙලා මදි...!