
(එම්.සුසිල් පියන්ත)
දිට්වා සුළි කුණාටුවෙන් දිවි අහිමිවූ බෞද්ධ ,අබෞද්ධ සියලුම දරුවන්ට පිං අනුමෝදනා කරමින් විශේෂ මතක වස්ත පූජාවක් ඉඳුරුව තේක්කවත්ත සුගතපාල දහම් පාසලේ දහම් පාසලේ ප්‍රධානාචාර්ය නියෝජය පරිවේනාධිපති, කුඹල්ගම විපුලසිරි හිමියන්ගේ ප්‍රධානත්වයෙන් අද (7)පෙරවරුවේදී පැවැත්විණ.
දහම් පාසල් පැවැත්වෙන දිනයක් වුවත් මෙදින සුගතපාල දහම් පාසලේ දරුවන් දහම් අධ්‍යාපන හැදෑරීමට පොත පත නොගෙනාවෝය.ඔවුන්ගේ අත තිබුණේ මල් වට්ටි,පොල් තෙල්,හඳුන්කූරු,මතක වස්ත පූජාවට අවශය පිරිකරය.
ඔවුහු අද (7)පෙරවරු 8.00 සිට පෙරවරු 10.00 දක්වා කාලය තුළ දිට්වා සුළි කුණාටුවෙන් මිය ගිය තමන්ගේ වයස්වල සිටි සියලුම දරු,දැරියන්ට මෙවන් අකල් මරණයක් නොමවේවායි ප්‍රාර්ථනා කරමින් මතක වස්ත පූජාව ඇතුලු පිංකම් රැසකටම සහභාගීවූහ.
මේ වයසනයෙන් මිය ගිය දරුවන් සිහිකර මතක වස්ත පූජාව සහ පැන් වැඩීමේ පිංකම් ද්විත්වය බොහෝම සංවේදී එකක් විය. සුගතපාල දහම් දරුවන්ගේ මේ දැහැමි සත් කාර්යයට ආශීර්වාද කිරීමට දෙමාපියන් ඇතුලු විශාල පිරිසක් ද සහභාගිවී සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක හොද දෙයක්...!!
ගුණ ගරුක සමාජයක් බිහි කිරීම සඳහා වන මෙම උත්සාහය සාර්ථක වේවා!