(නිමල කොඩිතුවක්කු)

පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් දිට්වා සුළි කුණාටුවේ බලපෑමට ලක්වූ ඇතැම් ස්ථානවල නායයෑම් පූර්ව ලක්ෂණ මතුව ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි.

දිට්වා සුළි කුණාටුව හමුවේ නාය නොගිය එහෙත් පස් සහ ගල් පහළට ගලාවිත් තිබූ ස්ථානවල දැඩි වර්ෂාවක් හමුවේ නායයෑමක් සිදුවිය හැකි බැවින් වඩාත් කල්පනාකාරී විය යුතු බවද එහි ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ, ආචාර්ය වසන්ත සේනාධීර මහතා සඳහන් කළේය.

ඉදිරියේ දී ඇති විය හැකි බවට පුරෝකථනය කර ඇති අධික වර්ෂාව හමුවේ නායයෑම් සක්‍රීය වීමේ අවදානම් ඇති බවද කොළඹදී අද (16) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවසීය.