
ශ්‍රි ලංකාවට ගිනිකොණ දෙසින් පැවැති පීඩන අවපාතය මේ වන විට ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී මඩකළපුව සිට කිලෝ මීටර් 120ක් ගිනිකොන දෙසින් අක්ෂාංශ 6.7°N සහ දේශාංශ 82.1°E ආසන්නයේ කේන්ද්‍රගත වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
මෙම සුළ කුණාටුව ‘‘දට්වා‘‘ සුළි කුණාටුව ලෙසින් නම්කර ඇති අතර එය උතුරට බරව වයඹ දෙසට ගමන් කිරීමේ හැකියාවක් ඇත.
මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් පවතින තද වැසි සහ තද සුළං තත්වය ඉදිරි දින කීපයේදීත් බලාපොරොත්තුවේ.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල නිරන්තර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
උතුරු,උතුරු මැද මධ්‍යම, සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 200 වැඩි තද වැසි ඇති ඇති වන අතර සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් බදුල්ල සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 150 ට වැඩි ඉතා තද වැසි ඇති වේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 වැඩි තද වැසි ඇති වේ. දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පැයට කිලෝ මීටර් 60 -70ක සුළං හමන අතර තද සුළං සමග විටින් විට පැයට කිලෝ මීටර් 80 දක්වා වන ප්‍රහාරාත්මක තද සුළං ඇති වේ.
2025 නොවැම්බර් මස 21
171
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
240
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1114
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
‘‘දට්වා‘‘ නිසා තද සුළං සමග තද වැසි