(ඩයනා උදයංගනී)
පාන්පිටි මිල හිතුමතේ වැඩි කරමින් දඟලන්නට ආවොත් කිරිපිටි සමාගම් දණ ගැස්වූ ආකාරයෙන් පාන්පිටි සමාගම් ද දණ ගස්වන බව කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීන අවතැන් වූවන් නැවත පදිංචි කිරීමේ, සමූපකාර සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන වැඩ බලන අමාත්‍ය බුද්ධික පතිරණ මහතා පැවසීය.
පාන්පිටි සමාගම් දෙකක් පාන් පිටි මිල ඉහළ නංවා ඇත්තේ එසේ මිල වැඩි කළ නොහැකි බව නීතිපතිවරයා පවා කියා තිබියදී බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
වැඩි මිලට පාන්පිටි අලෙවි කරන ස්ථාන වටලා අත්අඩංගුවට ගැනීම් සිදුකරන ලෙස තමා අද පෙරවරුවේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට දැනුම් දුන් බව කී ඇමතිවරයා පැය 3ක් තුළ එවන් ස්ථාන 51ක් ඔවුන් විසින් වටලා තිබෙන බවද කීවේය.
අමාත්‍ය බුද්ධික පතිරණ මහතා මේ බව පැවසුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී අද (17) පැවති ජාත්‍යන්තර තරුණ නිපුණතා දින සැමරුම් උළෙලේදී අදහස් දක්වමිනි.
පාන්පිටි සමාගම් පාලනය කළ නොහැකි නම් තමා මෙම ඇමතිධූරය දැරීමේ තේරුමක් නැතැයිද බුද්ධික පතිරණ මහතා කීවේය.
තමන් ලීයකට ඇතුළු වූ කුරුමිණියෙක් වැනි යැයි කී ඇමතිවරයා යමක් ආරම්භ කළ පසු ඉදිරියට මිස පසුපසට නොයන බවද කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙරි ගුඩ්... නියම ශ්‍රී ලංකා කොල්ලෙක්..
මෙන්න ඇමතිවරු.. ඇත්තටමනේ මෙහෙම කියන්නේ..
ඔක්කොම ටෝක් සභාවල. ඇක්ෂන් ගන්න ඕනේ මිනිස්ට්‍රිය ඇතුලේ නේද?
හරියට හරි... ඔබතුමාට කොන්දක් තියෙන බව පෙනේ.. අපිට ලොකු සතුටක් දැනෙනවා... ඔබට ජය!!!
තවත් දඟලන්න දෙයක් නැහැ. වැඩිකරලා ඉවරයිනේ.. ඊළඟ සැරේවත් බලමු.
ඔබතුමාගේත් කයිවාරුව විතරයි...
එතකොට අපිට කේක්කන්න පුළුවන් නේද තුමෝ...? පිටි ආනයනය කරන්නේ පුද්ගලික අංශය නම් ඔබ බම්බුවක් කරයි. ඔවුන් ඔබව අල්ලේ නටවයි...
එතකොට හාල් පිටි ? මෝල් කාරයා කවුද කියල දන්නවනේ ?
අනේ අද එපා
කතාව නම් හොඳයි. ඒත් ක්‍රියාත්මක කරන්න පුළුවන්ද? කිරිපිටි සමාගම් දණ වැටුණු බවක් පේන්නේ නැහැනේ... එයාලා කියපු මිලටම තමයි වෙළඳපලේ අලෙවි වෙන්නේ...
ඇමතිතුමෝ, කරනවා නම් ලොකු පින් අතේ වැඩක් තියනවා. අපිත් සම්පූර්ණ සහයෝගය දෙන්නම්. දුරගමන් බස් සේවා නවත්වන හෝටල් ගැන පොඩ්ඩක් හොයලා බලනවද? අහිංසක මිනිස්සුන්ව හූරලා කනවා. ඒ මදිවට කන්න දෙන්නේ ජරා කෑම.. අපිරිසිදු තැන් එමටයි. කරුණාකරලා හොයලා බලන්න. කිසිම මිල පාලනයක් නැහැ ඒ තැන්වල... අපි තොරතුරු දෙන්න සූදානම්...
අම්මපා එහෙමද
කතාව නම් මාර ඇතිනේ. ඔය මිල වැඩි කලේ පිටිකාරය කිලෝවකට. හැබැයි පාන්කාරයා පාන් ගෙඩියකට රුපියල් දහයක් වැඩිකරනවා. පාන් ගෙඩිය බර කොච්චරද දන්නේ නැහැ...
රටේ පිනට පහළවුණු උත්තමයෙක්. බලන්න වීර පුරන් අප්පුල කැලේ නේද?
ලංකාවේ ඉන්න තරමක් ඉන්නේ චණ්ඩි... දණ ගස්වල මොකද කරන්නේ? අපි දන්නවා. රන්ජන්ගෙන් අහන්න.