(උපාලි ආනන්ද සහ පැතුම් දර්ශන)
ඓතිහාසික කිරළාගල දාගැබ මත නැගී දාගැබට අපහාස වන අයුරින් ඡායාරූප ලබාගෙන අන්තර්ජාලයට මුදාහැරීමේ චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අග්නිදිග විශ්ව විද්‍යාලයේ සිසුන් 7 දෙනා පෙබරවාරි 5 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් මාලින්ද හර්ෂණ අල්විස් මහතා අද (24) නියෝග කළේය.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ අග්නිදිග සරසවියේ ඉංජිනේරු පීඨයේ අවසන් වසරේ සිසුන් 7දෙනෙකි.
පුරාවිද්‍යා වටිනාකම් ඇති ස්ථානයක දාගැබක් මත නැගී ඡායාරූප ගෙන ඒවා මුහුණු පොතට මුදාහැර අදාළ දාගැබට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් මෙම සැකකාර සිසුන් අධිකරණයට ඉදිරිපත් කර ඇත.
ඓතිහාසික කිරළාගල දාගැබ පිහිටා ඇත්තේ හොරොව්පොතාන මැදවච්චිය මාර්ගයේ හොරොව්පොතානේ සිට කිලෝමීටර් 7ක් ගිය පසුය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුරාවස්තු වටිනාකමක් ඇති ආගමික ස්ථාන පිලිබදවවත් වැදගත් කමක් නොදත් මෙවන් අය සරසවි සිසුන් යයි පවසන්නේ කෙසේ ද ? අඩු තරමින් වටපිට පරිසරය, විනය පිලිබදව කිසිවක් නොදත් පොතටම සීමාවූ අනිකුත් මෝඩයන්ටත් මෙය ජිවිත කාලයටම හොද පාඩමක් වේවා !
ගොඩාක් හොඳයි. ආගමක හරය වටිනාකම නොහඳුනන මිනිසුන්ට උපරිම දඬුවම් දිය යුතුයි.
නොදන්නා ගොඩක් දේවල් සිර ගෙදරකින් ඉගෙන ගන්න පුළුවන්...
මේ අයට ඉහළම දඬුවම් දිය යුතුයි. ආයෙමත් මේ වගේ පහත් දේවල් නොකරන්න...
මේ අයට ඉහළම දඬුවම් දිය යුතුයි. ආයෙමත් මේ වගේ පහත් දේවල් නොකරන්න.
රටේ තිබ්බ දැවෙනම ප්‍රශ්නෙ විසඳුනා දැන්. ලංකාවේ මිනීමැරුම්, මංකොල්ලකෑම් එහෙම වෙන්නේ නැති රටක්නේ... ෂෝක්...!!!
මෙතන අදහස් පල කරන්නේ, ළමා වියක්, තරුණ වියක්, පිළිබද කිසිඳ අවබෝධයක් නොමැති එලොවටත් නැති, මෙලොවටත් නැති අලුගෝසුවන් රැලක් බව කිව යුතුයි. මිලේච්ඡයින්ගේ දේශයේ මිනීමැරුම්, ස්ත්‍රී දුෂණ, හා මංකොල්ල කෑම් සාමාන්‍ය දේශයක් වුවද, ඓතිහාසික ස්ථාන මත පය තැබීම මරණ දඬුවම ලැබීමට තරම් විශාල වරදක් බව ලෝකවාසීන් හට දැනුම්දෙමි. ඉපදුණු රට, අඳින ඇඳුම, භාෂාව හා අදහන ආගමේ වෙනස් කම් තිබුනත්, ඇෆ්ගන් තලේබාන් හා ඇෆ්රිකානු බොකොහරාම් ත්රස්තවාදීන් හා මොවුන් අතරේ ආකල්පමය වශයෙන් කිසිඳු වෙනස්කමක් නොමැති බව දන්වමි.
සිංහලයින් අලුගෝසුවන් කියා අදහස් දමන්නේ ඔබ කව්රු කියලා හිතා ගෙනද? ගිනිගන්න ගෙවල් ඇතුලට ජීවිතය පරදුවට තබා ගොස් මිනිසුන් බේරා ගන්න අයත්. ජාතිය නොබලා බිමට දමන ළමයි බේරා ගත්තෙත් ඔබ ඔයකියන අපේරටේ අලුගොසුවන්මයි. ඔබට මිනිසුන් ගැන අවබෝදයක් නැතිකමයි ප්රශ්නය "මිලේච්ඡයින්ගේ දේශයේ මිලේච්ඡයින්ගේ දේශයේ මිනීමැරුම්, ස්ත්‍රී දුෂණ, හා මංකොල්ල කෑම් සාමාන්‍ය දේශයක් වුවද, " මෙහෙම කියන්නේ ශ්‍රීලංකාව ගැනනම්. මෙරටට මෙහෙම වුණේ කාගේ පැමිණීමෙන් පසුද? අනික මිලේච්ඡයින්ගේ දේශයේ මිනීමැරුම්, ස්ත්‍රී දුෂණ, හා මංකොල්ල කෑම් නැති රට මොකක්ද. බද්රාණි කතා කොරන්නේ එයා ලිච්චවී නුවර ඉන්නවා කියල හිතාගේනනේ. ඇමරිකාවේ ළමයි ඉස්කෝලෙට ගිහිල්ල 10-15 මරනවානම් ඒවා මිලේච්ඡයින්ගේ දේශ නොවෙයිද?
බද්රනි ආව ගියාට අදහස් දාන්න එපා පාඩුවේ ඉන්න කිසිස තේරුමක් නැති කතාවල් කියනවා මම අනුරපුරයේ දාගැබ වලට නගින්නේ එළුවන් විතරයි මිනිසුන් නෙමෙයි මේ අයට අවවාද කල යුතුයි ඒ ඇති රවීන්ද්‍රත් , හරි බමුනුත් හරි අළුගෝසු කතාව මමත් අනුමත කරන්නේ නැහැ ඔබට ජය .
මෙතන මේ ළමයි කිසියම් නීතියක් කඩ කරලා තිබෙනවා නම් දඬුවම් දුන්නට ප්‍රශ්නයක් නැහැ. නමුත් හිරේ දමන්න තරම් දෙයක් උනා කියල හිතන්න අමාරුයි.
අනේ ඔය වේගෙන්ම මහබැංකුව කාපු එවුන්, කුඩු ගෙන්වන එවුන් එහෙමත් අල්ලනවනම්?
හැබැයි මෙතන කුහක කමත් ගැවිලා තියනවා කියල පේන්නේ මට විතරද? ලියල තියෙන කමෙන්ට්ස් බැලුවහම පේනවා. අනිවාර්යයෙන්ම මේ කමෙන්ට්ස් දාපු අයගෙන් 90% ම ඉංජිනේරු පීඨ සිසුන් සමග සියුම් ඊර්ෂ්‍යාවක් තිබෙන බව පේනවා. මොකද ඒ අයට බැරිවුණා නිසා. දාගැබට නැග්ග එක වැරදියි. එම සිසුන් ඒගැන සමාව ගත යුතුයි. දැඩි දඬුවම් දෙනවා නම් කොච්චර ඉන්නවද. සුළු දෙයක් කියන්නම්. මේක එක උදාහරණයක් විතරයි. උත්තරීතර පාර්ලිමේන්තුව ඇතුලේ සත්තු වගේ හැසිරුණු අය සාක්ෂි තිබුනත් තාම එළියේ. මේ ළමයි රිමාන්ඩ්.
සිසුන්ගේ වයසට කරපු දඩබ්බර ක්‍රියාවක් කියල බාහිරින් පෙනුනට මේක හුදෙකලා සිද්ධියක් කියල හිතන්න අමාරුයි. ඒ නිසා කාට මොන දඬුවම දුන්නත් ආයිමත් “අළුත්ගමක්“ උදා නොවන මට්ටමට මේ වගේ ප්‍රශ්න කළමණාකරණය කර ගැනීම රටට හිතකරයි.
නිසර් මොකක්ද වැරදීම? මීට කලින් නොවැරදුණු ඔබලාට මේ අවුරුදු 4ක් ඇතුළතද වරදින්න පටන් ගත්තේ? ඔබලාගේ මේ වැරදි සිංහල බෞද්ධයාගේ ඉවසීම ටෙස් කිරීමක්... සිංහලයාගේ ඉවසීමේ සීමාව පැන්නාම වෙනදේ ඔබලා අත්දැකලා ඇතිනේද? ඔබලාගේ වැරදිවලට අපි ඔබලාට වන්දි ගෙවිය යුතු නැත. ඔබලා වන්දි ගෙවිය යුතුය.
මොවුන්ගේ නොසන්ඩාල වැඩවලට නිවට ආණ්ඩුව නිසි දඬුවම් කරන්නේ නැතිනම් ආයිමත් “අළුත්ගමක්“ උදා උනාට කිසිම වරදක් නැත...
කෝ අර හැම තිස්සෙම සරසවි සිසුන් කරන කියන හැමදේම නිවැරදියි කියන ධනුෂ්ක? දැන් මේකට මොකද කියන්නේ...!
nisar ,"පල්ලි 20කට ගිනි තියලා වන්දි ගෙව්වද?" පල්ලි 20 ගිනිතියාගන්න තැනට වැඩ ඇති කරේ අපිද? ඔහෙලා අවුරුදු 13න් පහළ ළමයා කසාද බඳින්න ඕනේ කියලා පාරේ හර්තාල් කරනකොට අපි ගල් ගහනවද? අපි පාරේ අපේ ජාතිය, ආගම රැකගන්න මිනිස්සුන්ට රැස්වීම් තියනකොට ඔහෙලා ගල් ගහනවා. පස්සේ කියනවා පල්ලි ගිනි තිබ්බලු. මාර ලොජික් තියෙන්නේ ඔහෙලගේ...
නිසාර්, අනවසර ඉදිකිරීම් තමුන් විසින්ම ගිනිතියලා වන්දි ගන්න. ඒවත් පල්ලිගොඩට දාපු කතා අපි දැකලා තියෙනවා.
ජාති බෙදේ නිකම්ම අවුස්සගන්නයි හදන්නේ...
දාගැබ උඩ නැගගෙන අත්බඳගෙන උජාරුවට ඉන්න හැටි , හිතන් ඉන්නේ මුන් ලෝක ප්‍රසිද්ධ සුපර්ස්ටර්ලා කියලා