(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
විශ්ව ශක්ති බලයෙන් රෝග සුවකිරීමේ වැඩසටහනකදී ලබා දුන් ආහාරයකින් සිසුවකු අසාධ්‍ය තත්වයට පත්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි දීගොඩ කුමාර නමැත්තා මේ මස 31 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර කිරීමට කැස්බෑව මහෙස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා අද (23) නියෝග කළේය.
දීගොඩ කුමාර නමැත්තා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණයෙන් ලබා දී තිබු නියෝගයකට අනුව අද ඔහු නීතීඥයකු මාර්ගයෙන් ගොස් අධිකරණයට බාර වී තිබිණි.
වර්ෂ 2018 වසරේදී පිළියන්දී ඔහු මෙහෙයවූ එම වැඩසටහනකට සහභාගී වු සිසුවකුට බලහත්කාරයෙන් පාන් අනුභව කිරීමට සලස්වා තිබු අතර , සිසුවාට පාන් පිටි ආහාරයට ගැනීම හානිදායක බව සඳහන් කරද්දී ඔහු බල කිරීම හේතුවෙන් , එම පාන් ආහාරයට ගත් සිසුවා අසාධ්‍ය තත්වයට පත්ව කලුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබිණි.
එම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍යවරයාගේ නිර්දේශ මත පිළියන්දල පොලිසිය මගින් අධිකරණයට කරුණු දැක්වීමෙන් පසු මොහු අත්අඩංගුට ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබිණි.
ඒ අනුව අද ඔහු මෙලෙස අධිකරණයට බාර වීමෙන් පසු රක්ෂිත බන්ධණාගාරගත කිරීමට නියෝග කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුමාර මහතාට හොඳ අවස්ථාවක් ලැබිලා තියෙන්නේ විශ්ව බලය පෙන්නන්න.
මෙවැනි මානසික අසාමාන්යතාවෙන් පෙලෙන සමාජයට හානිකර පුද්ගලයින් සහ ග්‍රහලෝක පෙන්වා මෝඩ මිනිස්සු බය කරවන හොරුන් සදහටම හිරකර තබන්න. නැත්නම් ඔය කුමාරයාව එළියට දාලා සියලු රෝහල් වසා දමන්න. සියල්ල නීරෝගී වෙයි එකෙන්ම...!
මෙතුමාට විරුද්ධව සමහර අය පැමිණිලි කිරීම පුරුද්දක් කරගෙන තිබේ. නමුත් මෙතුමා වනාහි අධ්‍යාත්මික බලයෙන් රෝගීන් දහස් ගණනක් නිරෝගී කල ජිවකයෙකි.
පාන් අනුභව කරලා සිසු දරුවෙකු අසාධ්‍ය තත්වයට පත්වුණා කියලා මම නම් මේ ඇහුවාමයි. දියවැඩියා රෝගීන්ට නම් පාන් අගුණයි කියනවා. සීල ව්‍යාපාර ආදියේදී උදෑසන දානයට පොල් සම්බෝල කිරිහොදි, පරිප්පු ආදිය සමග පාන් පමණක් දෙන අවස්ථා තිබෙනවා.
ඔය වගේම හොර තක්කඩින් තව කීප දෙනෙක්ම රටේ ඉන්නවා. ජෙරමි කියලා ආගමික හාදයෙක් ඉන්නවා ඔහු ගැනත් හොයලා බලන්න. අනික බෙහෙත් නොගෙන ලෙඩ සුවකරන අන්තවාදී ආගමික කල්ලි ගැනත් පියවරක් ගන්න. මොකද මේවා තමයි කවදා හරි රටේ ස්ථාවරභාවය නැති කරන්නේ. මිනිස්සුන්ගේ ඔලුවලට කුණු ගොඩවල් දාලා..
රෝග සුවකිරීමට මානසික ශක්තිය වැඩිකිරීම මම හිතන විදියට මේ කියන අධ්‍යාත්මික බලය වියහැකිය. මනස ශක්තිමත් කිරීම තව කාලික ප්‍රතිකාරයක් මිස නිශ්චිත ප්‍රතිකාරයක් නොවිය හැක. හැබැයි මේවගේ යමක් වැරදුණොත් ජීවකට අවසානයේ හිරේ තමයි ඉන්න වෙන්නේ...
උන්නාන්සේලාගේ තීන්දුවල ප්‍රමිතිය හරි අගෙයි කියලා පෙනී ගිහින් තියෙන්නේ...
මේ කමෙන්ට්ස් දාලා තියෙන කවුරුහරි දීගොඩ කුමාර මහතාගේ වැඩසටහන් එකක්වත් දැකලා තියෙනවද? පිළියන්දල වැඩසටහනට මමත් සහභාගී වුණා. මා ඉදිරිපිට සිටි කොරවූ විදේශික කාන්තාවක සුවවී ඇවිද යන හැටි මම දැක්කා. විශේෂඥ වෛද්‍යවරුන් පවා ඊට සහභාගී වුණා. ඔය භෝජනාගාරය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ කෑම පිළියෙළ කලේ. ලක්ෂයක් පමණ සහභාගිවූ පිරිසක් අතරින් දරුවෙකු අසනීප වීම ගැන වගකිවයුත්තා කවුද යන්න නඩු විභාගයේදී හෙලිවෙනු ඇති. සියල්ල භෞතිකවාදයෙන් විසඳිය හැකියි කියන බක පණ්ඩිතයන්ට තව ටිකක් අත්දැකීම් තිබුණා නම් තමයි හොඳ...
ලෙඩක් දුකක් හැදුණාම බෙහෙත් ගන්නවා ඇරෙන්න එක එක අද්භූත බලවේගවලට ලෙඩ සුව කරන්න පුළුවන් කියලා හිතන්න අමාරුයි. තමන් අදහන ධර්මය අනුව දෙවියන්ට අයදින්න පුළුවන්..
මේක නම් තනිකර ඉරිසියා කාරයින්ගේ සහ කුහකයින්ගේ වැඩක්... 2018 වූ දේකට දැන් නඩු දාන්නේ... එතුමාගේ වැඩසටහන් බලන්න... හැමෝටම හොඳ වෙන්නේ නෑ. ඉක්මන් නිදහස පතනවා.