
(සුජිත් හේවාජුලිගේ)
රියදුරන්ට සහ මගීන්ට විවේක ගැනීම සඳහා දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර උඩුකාව ප්‍රදේශයේ විවේක මධ්‍යස්ථානයක් ඉදි කිරීමට රජය තීරණය කර ඇත.
වරාය නාවික සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල සී කේ පෙරේරා මහතා ඊයේ ඊට මුල්ගල තැබීය.
මාතර ගොඩගම සහ කොක්මාදුව අතර 119 කිලෝ මීටර් කණුව ආසන්නයේ මෙම විවේකාගාරය ඉදිකෙරේ.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දැනට විවේකාගාරයක් පවතින්නේ වැලි පැන්න ප්‍රදේශයේ පමණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොඩි පෙට්රෝල් ෂෙඩ් එකක්, සහිත සාධාරණ මිලට ආහාර විකුණන ආපන ශාලාවක්, වාහන 30-40 නැවතිය හැකි රථගාලක් සහිත විවේක ස්ථාන සෑම කිලෝමීටර් 40-50 දුරින් ඇති කරන්න. එක දිගට කිලෝමීටර් සියයකට වැඩිය වාහන පදවනකොට, නින්ද යනවා, අධිවේගයේ වාහන අනතුරු සිදු වෙන්න මේක විශාල ලෙස බලපානවා.
බොජුන්හල් ආරම්භ කරන එක හොදයි ... කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ...
විවේක ගන්න ස්ථානයක් සෑදීම ඉතා හොඳයි හයිවේ එකේ යනකොට නින්ද යන්නේ නම් එක දිගට පාර track දෙක එන එකයි යන එකයි පෙනෙන නිසා අනිත් ට්‍රැක් එක පේන්නැති වෙන්න ගස් ටිකක් උසට වැව්වා නම් නින්ද යෑම ටිකක් අඩුවේ. අනෙක තමයි එහා පැත්තේ ට්‍රැක් එකේ එන වාහන වල ලයිට් එළිය රෑට යනකොට වදින්නේ කෙලින්ම මූනට වාහන ඇඟට එනවා වගේ පේන්නේ. ඒ අනිත් රැක් එකත් පෙනෙන නිසා? මේවටත් පිළියමක් යොදන්න.
අනුන්ගේ එකකට රෙපෙයාර් එකක් දාලා... පොඩි පොඩි වැඩ ටිකක් කරන්න (මහා පරිමාණ ඒවා ලොවෙත් බෑ) කියපු සියඹලාණ්ඩුව. ඡන්දේ දෙන්න එපා කියද්දීත් දුන්නා. අනේ රටට ගිය කලක්...