(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ කිලෝමීටර් 34 දශම 4 ප්‍රදේශයේදී අද (17) රාත්‍රියේ පෞද්ගලික බස් රථයක් ඇතුළු වාහන තුනක් එකිනෙක ගැටීමෙන් තිදෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය කියයි.

 

සිදුවූ අනතුරින් මෝටර් රථයේ ගමන්ගත් එක් අයකු පමණක් තුවාල ලැබීය

මාතර සිට කඩවත බලා ධාවනය වෙමින් තිබූ සුඛෝපබෝගී බස් රථයක් ඊට ඉදිරියෙන් ධාවනය වූ සුඛෝපභෝගී ජීප් රථයක පිටුපස  ගැටීමෙන් අනතුරුව එම ජීප් රථය වම් අත දිසාවට ඇදී ගොස් කොළඹ දෙසට ගමන් ගත් මෝටර් රථයක ගැටී එම මෝටර් රථය මාර්ගයට විසිවීමෙන් අනතුරුව නැවතත් බස් රථයේ ගැටී  මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසිය කියයි 

මෝටර් රථය බස් රථයට සහ ජීප් රථයට සිරවී තිබූ බව පරීක්ෂණ පවත්වන පොලිස් නිලධාරියෙක් පැවැසීය

සිදු වූ අනතුර සමඟ බස් රථය මාර්ගය මැද ආපදාවට ලක් වීමෙන් කොළඹ දෙසට ගමන් ගන්නා වාහන වලට දැඩි බාධාවක් ඇති වූ අතර එ් හේතුවෙන් එක් මංතීරුවක මීටර් කීපයක් වසා තැබීමට සිදු විය 

එම අනතුර හේතුවෙන් කිලෝමීටර් 34 දශම 4 සිට ගාල්ල දෙස සිට  කොළඹ  දෙසට  ගමන් ගන්නා වාහන කිලෝමීටර් ගණනාවක් ඈතට  ඉදිරියට ගමන් කිරීමට නොහැකිව පෙළගැසී තිබෙන අයුරු දක්නට ලැබිණි 

අනතුර සිදුවන අවස්ථාවේදී මාතර සිට කඩවත බලා ගමන් ගන්නා  රථයේ සිට්‍  මගින් වෙනත් බස් රථයකින් පිටත් කර හැරීමට රථවාහන පොලිසිය මගින් කටයුතු කෙරිණි 

අනතුරින්  වාහන තුනටම දැඩි අලාභ සිදු වී තිබිණි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම රථ රථවාහන පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගාමිණී පොලිස් සැරයන් 40203  ජයසූරිය පොලිස් කොස්තාපල්  82439,  එස් කොළඹගේ මහත්තුරු පරීක්ෂණ පවත්වයි.