(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ 62 කණුව ප්‍රදේශයේදී විදේශිකයන් පිරිසක් ගමන් ගත් වෑන් රථයක් සහ කන්ටේනර් රථයක් එකිනෙක ගැටී සිව් දෙනෙක් මියගොස් ඇතැයි දක්ෂිණ අධිවේගී මාර්ග රථවාහන පොලිසිය කියයි.
වෑන් රථයේ රියදුරු සහ වෑන් රථයේ ගමන් ගත් ඉන්දීය ජාතිකයන් තිදෙනෙකු මෙම අනතුරින් මියගොස් ඇති බවත් තවත් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවත් පොලිසිය කීය.
වෑන් රථය ගාල්ලේ සිට කොළඹ දෙසට ධාවනය වී ඇති අතර ඉදිරියෙන් එම දිශාවටම ධාවනය වූ කන්ටේනර් රථයක පිටුපස හැපිමෙන් මෙම අනතුර සිදුව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධිවේගී මාර්ගයක් හදා ජනතාවට හිමි කලාට එහි රිය නිවැරදි අන්ධමින් ධාවනය කරන්නට රියදුරන්ට ගුරු හැරු කම් දෙන්නට කවුරුත් නැහැ. . ඔවුන්ට ඒ පිලිබඳ පුහුණුවක් උපදෙසක් කාගෙන්වත් ලැබෙන්නේ නැහැ. බොහෝ රියදුරන් දන්නේ නැහැ තමුන් ධාවනය කරන වේගයට අනුකුල වන අන්දමට ඉදිරියෙන් ධාවනය වන රථයට කොපමණ දුරකින් තම රථය ධාවනය කල යුතුද කියා. නිසි අන්දමින් සඥා එලි දල්වා නිවැරදි අන්දමින් වාහනයකට ඉස්සර කල යුත්තේ කෙසේද, නැවත නිවැරදි අන්දමින් වම පසට වාහනය ගත යුත්තේ කෙසේද, වම පැත්තට ගැනීමේදී කොපමණ දුරකින් එය වම පැත්තට ගත යුතුද වැනි කාරනා ගැන බොහෝ රියදුරන්ට නිසි අවබෝදයක් නැහැ. බොහෝ රියදුරන්ට අවශ්‍ය වන්නේ වේගයෙන් ධාවනය කිරීම පමණයි. මේ ගැන වගකිවයුත්තන්ගේ අවධානය යොමුවනවානම් වටිනවා.
ඔය හරියේ හරියට රිය අනතුරු වෙනවා. එක්කෝ වාහන කැඩෙනවා. හොයලා බලන්න ඕන බලධාරීන් මොකක්ද හේතුව කියලා ..
කන්ටේනර් රතයේ රියදුරු වැරැද්දක් කර නැති බැවින් ඔහුව රස්තියාදු නොකළයුතුයි.
හරිම කනගාටුදායකයි, ලංකාවේ වෑන්රථ අනාරක්ෂිතයි, මේවා හැම එකක්ම වගේ ආසන සවිකළ ඩිලිවරි රථ, ඉතින් නියමාකාර ආසන පටි නැහැ. තවද පසුපස ආසන වල ගමන් ගන්න මගියන්ට යන්තම් හෝ තියෙන ආසන පටි නොපළඳින පුරුද්දක් තියෙනවා, ඒ නිසයි මේ වගේ භයානක අනතුරු වෙන්නේ.
දෙයක් කියන්නම්, අධිවේගයේ ධාවනය ගැන රියදුරන්ට කිසිම අවබෝදයක් සහ හැරවීම බල්බ භාවිතරයක් නෑ. ඔහේ ඉස්සර කරනවා. කන ලගින් වම් මන්තිරුවට ගන්නවා. වේගය ගැන කිසිම හැගීමක් නෑ. මෙවැනි අධිවේගේ මාර්ග ඉතා වැදගත්. කන්ටේනර් වලට ධාවනයේදී වේග සීමා කොහොමද ?
මෙම අනතුර සිදුවී ඇති අන්දම ඊයේ මා දුටුවා. ඛේදජනකයි. අධිවේගය ව්වෘත්ත කල කාලයේ පටන්ම එහි ඵල නෙලන කෙනෙක් මම. මුල් කාලයේදී නම් ඇතුළුවන ස්ථානවලදී උපදෙස් පත්‍රිකා බෙදමින් රියදුරන් දැනුම්වත් කිරීම සිදු කලා. නමුත් දැන් එසේ කෙරෙන්නේ නැහැ.
වේගය අඩු නම් හැසඩ් ලාම්පු දැල්විය යුතුය මාර්ගයේ පළල අඩු නිසා දවන තීරුවේ ගමන් ගැනීම කන්ටෙනරවලට අපහසුය.
අධිවේගී මාර්ගයේත් ලයිට් ගහගහ ඉඩගන්න හදන මෝඩ රියදුරන් ඉන්නවා. අනික වාහන දෙකක් අතර පරතරය... ඉස්සර කරලා ආපහු වම් පැත්තේ ලේන් එකට ගන්න හරියට දන්නේ නැතිකම... නොදැනුවත්කම තමයි ලොකුම ප්රශ්නය...
කන්ටේනර් රියදුරා වහාම අත්අඩංගුවට ගෙන දඬුවම් ලබා දිය යුතුය. ඒක තමයි ලංකාවේ අලුත් නීතිය.
අනතුරු හැමදාම. මෙතන වැරදි කිහිපයක් තියෙනවා.
වහාම රජය මේ පිලිබඳ කඩිනම් පරීක්ෂණයක් කර මාර්ගයේ අඩුපාඩු හෝ රියදුරන්ගේ අඩුපාඩු නිවැරදි කිරීමට ක්‍රමයක් සකස්කළ යුතුය.
ආර්.එම්.වී. එක ඉස්සරහ තාප්පේ ඇඳලා තියෙනවා චිත්‍රයක් වාහනයක වේගයට අනුව ඉදිරියෙන් යන වාහනයට පසුපසින් එන වාහනය කොපමණ දුරකින් ධාවනය කල යුතුද කියාලා. මේ චිත්‍රය අධිවේගී මාර්ගවල ප්‍රදර්ශනය කල යුතු වෙනවා. මේවා ප්‍රදර්ශනය කරලා හරි රියදුරන් දැනුවත් කරන්න. බොහෝ රියදුරන් දන්නේ නැහැ නිසි අන්දමින් අධිවේගී මාර්ගයේ රථයක් ධාවනය කරන අන්දම.