(නිමන්ති රණසිංහ)
ඩුබායි රාජ්‍යයේ සැගව සිටින බව කියන දකුණු පළාතේ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් ‘හරක්කටා”නැමැත්තා සහ දකුණේ තවත් ප්‍රබල මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවන් දෙදෙනකු ඇතුළු සැකකරුවන් 20 දෙනකුගේ දේපළ හා වත්කම් පිළිබදව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා හමුවේ අද (21) කරුණු වාර්තා කර ඇත.
කෙටි කාලයක් තුළ විශාල දේපල සහ වත්කම් රාශියක් උපයාගෙන ඇති මෙම සැකකරුවන් සම්බන්ධයෙන් මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව මෙම විමර්ශනය ආරම්භ කර ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණී.
ඒ අනුව, මේ වන විට ඩුබායි රාජ්‍යයේ ජීවත් වන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවන් තිදෙනකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් ‘හරක් කටා’, රන්දොඹගේ චරිත් සදකැලුම් නොහොත් “රන්මල්ලී” සහ හේවා කිරින්දගේ දිවාන් පසිදු රත්නායක නොහොත් “ජෝති” යන අයවලුන් සහ තවත් සැකකරුවන් 17 දෙනකු සම්බන්ධයෙන් මෙම පරික්ෂණය ආරම්භ කර ඇති බව නිති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.
ජාත්‍යන්තර මුහුදු සීමාවේ සිට බහුදින යාත්‍රාවකින් මෙරට දකුණු මුහුදට රැගෙන එමින් තිබූ රුපියල් කෝටි 350කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ ග්‍රෑම් 350ට ක ප්‍රමාණයක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව ඉකුත් ජනවාරි මස 24 වැනිදා දකුණු ප්‍රදේශයේ ගැඹුරු මුහුදේදි සැකකරුවන් 17 දෙනකු සමග අත්අඩංගුවට ගත් බව නිති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු සදහන් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි දකුණේ විතරක්...? තවත් ඉන්නේ නම් දරපු කට්ටිය බොහෝම ප්‍රසිද්ධයි. ලස්සනට කුඩු සල්ලි ප්‍රසිද්ධියේ සෝද සෝදා... එයාලාවත් ඔය විදිහටම විමර්ශණය කරන්නකෝ...
කාගෙද? සාටක දාගත්ත ජරාපක්ෂ හොර නඩේගැන නේද? නියමයි...! ඒ අය තමයි හැම ජරාවැඩක්ම කරන්නේ... !