දකුණු කොරියාවේ හිටපු ජනපති ලී ම්යුන්ග් බක් මහතාට වසර 17 ක සිර දඬුවමක් එරට අභියාචනාධිකරණය අද(19) නියම කළේය.
අල්ලස් හා මුදල් වංචා කිරීම ඇතුළු දූෂණ ක්‍රියාවලට වැරදිකරු වීම හේතුවෙන් ඔහුට මෙම දඬුවම පැනවීය.
මීට අමතරව ඇමෙරිකානු ඩොලර් මිලියන 11 ක දඩයක් ගෙවීමට ද ඔහුට නියම විය.
2018 වසරේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 11 ක දඩයක් සමඟ වසර 15 ක සිර දඬුවම් මොහුට නියම වූ නමුත් ඔහු අභියාචනයක් ඉදිරිපත් කර ඇප ලබා සිටියේය.
2008 වසරේ සිට 2013 වසර දක්වා කාලය තුළ ලී ම්යුන්ග් බක් මහතා දකුණු කොරියාවේ ජනාධිපති ධූරය දැරුවේය.
(ඒ.එෆ්.පී. ඇසුරෙනි)
226

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න පේනවා නේද.. ඇයි අපිටත් බැරි ඔය විදියට කරන්න. අපේ අය බලයේ ඉදලා පුළුවන් තරම් ගසා කාලා, නෑදෑ හිතමිතුරන්ටත් සංග්‍රහ කරලා තනතුරින් ඉවත්වන විට කෝටි ගණනක දෙපලත් අරගෙනයි යන්නේ. බලේට එනකොට නම් කියන්නේ මම හරිම සරලයි යන දවසට ඇදුම් ටික බෑග් එකක දාගෙන යන්න විතරයි තියෙන්නේ කියලා. එත් කරනකොට... අනිත් රටවල් දිනෙන් දින දියුණු වෙනකොට අපි දිනෙන් දින වලපල්ලට.. නමුත් පෞද්ගලිකව දේශපාලකයන්ගේ අර්ථිකයනම් දිනෙන් දින ඉහලට..
අපි කවදද අපේ හිටපු එකා හිරේ අරින්නේ.. ව්‍යවස්තාව අමුඅමුවේ කැඩුවට, පාස්කු ප්‍රහාරය වලක්වන්න අවස්තාව තිබියදී කිසිවක් නොකිරීම,අධිකරණ මගින් වැරදි කරුවන් වී දඩුවම් දීපු අය හුරතල් කිරීම
දකුණු කොරියාවේ ජනතාවට ලෝකේ දෙවැනියට හොඳම පාස්පෝට් එක තියෙනවා. එත් දේශපාලන පලිගැනීම් වැඩියි වගේ. දකුණු කොරියාවට සහ ජපානෙට ආර්ථිකමය ලෙස දියුණු වීමට ගොඩක්ම හේතු වුනේ ඇමරිකාවේ සහයෝගය. ලංකාවටත් ඇමරිකාව සමග එම්.සී.සී මගින් ආර්ථිකමය දියුණුවක් ලබා ගැනීමට පුළුවන් වෙයි කියල හිතෙනවා. නමුත් ජපනෙයි, දකුණු කොරියවෙයි දෙකේම ඇමරිකානු යුදහමුද බේස් තියෙනවා. කොහොමටත් හැමෝම තමන්ගේ ආරක්ෂාව මෙන්ම වාසිය ගැන සලකන බැවින් ආර්ථිකමය අතින් දියුණුවක් ලබා ගැනීමට ආරක්ෂාව අවශ්‍යමයි වගේ. කෙසේ වෙතත් ජපානේ ආර්ථික දියුණුවයි, දකුණු කොරියාවේ ආර්ථික දියුණුවයි සැසඳූ විට දකුණු කොරියාවේ දේශපාලන අස්ථාවරය (අසමගිය) වැඩියි කියල හිතෙනවා.
ලංකාවේ මෑතම හිටපු ජනපතිට සිර දඬුවම් දෙන්නේ කවදද ?
ඒ රටවල එහෙම වුණාට අපේ රටේ එහෙම වෙන්නේ නෑ " කියන්න පටන්ගන්නනම් එපා ඔන්න
ඒ කොරියාවේ. ඒ නිසා හොරකමට දඬුවම් ලැබුනා.
කොරියාවේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ,.... අපේ හිටපු ජනපතිලා හිරේ යන්නේ නෑ.
ලංකාවේ නම් හිරේ හිටියත් එකයි පාර්ලිමේන්තුවේ හිටියත් එකයි
දකුණු කොරියානු ව්‍යවස්ථාව අපේ රටේ ස්ථාපිත කරමු. අපේ ඉන්න මහා ලොකු නීති සකසන්නන්ට ව්‍යවස්ථාවක් හදා ගන්න බැහැ කියලා ඔප්පු වෙලා ඉවරනේ.
@lalithm, නාගානන්ද ව්‍යවස්ථාවක් හදලා තියෙන්නේ.