ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දකුණු අප්‍රිකාවේ ඩර්බන් නුවරදී අද (10 වැනිදා) පැවැති තුන්වැනි එක්දින තරගයේදී ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 71ක ජයක් අත්කරගැනීමට දකුණු අප්‍රිකාව සමත් විය.
පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව නියමිත ඕවර 50 අවසානයේදී කඩුලු 5 ක් දැවී ලකුණු 331 ක් ලබාගත්තේය. වර්ෂාව නිසා තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 16 කදී කඩුලු 2 කට ලකුණු 75 ක් ලබා සිටියේය.
තරගය නැවත ආරම්භ වීමෙන් පසු, ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව, ශ්‍රී ලංකා පිලේ ඉලක්කය ඕවර 24 කදී 193 ක් දක්වා වෙනස් කළද ඕවර 24 කදී ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 5 ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 121 ක් පමණි.

වැඩිදුර තොරතුරු සඳහා https://tinyurl.com/y54jjur9 වෙත පිවිසෙන්න

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කණ්ඩායමේ සියලුම දෙනා කිසිම සංවරයක්, එකමුතු කමක් හෝ ජයග්‍රහණය කිරීමේ අරමුණ අමතක කර දමා ක්‍රීඩා කරන බවයි පෙනෙන්නේ. අවසානයේ ඔට්ටු අල්ලන මිනිස්සු දිනනවා වගෙයි.
මටනම් ක්‍රිකට් ඇති දැන්.
දකුනු අප්‍රිකානු කන්ඩායමට සුභ පැතුම්!
ලසිත් මාලිංග වහා කණ්ඩායමෙන් එලවා දැමිය යුතුය
ආ... මැච් එකක් තිබුනද? අපි නම් දන්නෙවත් නෑ....
අනේද කියන්නේ? කණ්ඩායමට එක්වන්න තරුණ ක්‍රීඩකයෝ පොරකනවනේ. රිටයර් වෙච්ච ඔක්කොම දැම්මලා ගැහුවා නම් මීට වඩා හොඳයි. අඩුම තරමේ බෝලෙට බැට් එකවත් දාගන්න පුළුවන් තරුණ ක්‍රීඩකයෝ නැද්ද අප්පා. අඩුම තරමේ ඕපනර් කෙනෙක්වත්...
දික්වැල්ල නායකයා කළානම් මැච් දිනන්න පුළුවන්..