(සුජිත් හේවාජුලිගේ)

වෛද්‍ය  සායනවලින් රෝගීන්ට  මාසයකට නිකුත් කෙරෙන  ඖෂධ වර්ග එකවර  මාස දෙකකට   නිකුත්  කරන ලෙස  සෞඛ්‍ය අංශ ප්‍රධානීන්  සියලුම රෝහල් බලධාරීන්ට උපදෙස්දී ඇත.

මේ සම්බන්ධයෙන් අප සමඟ අදහස් දැක්වූ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි  මහතා පැවසුවේ  බලශක්ති  කළමනාකරණය වෙනුවෙන් මෙම  තීරණය ගත් බවයි.

කෙසේ වෙතත් රෝගීන්ට හදිසි අවශ්‍යතාවක් ඇති වුවහොත් සායනවලට පැමිණීමේ හැකියාව තිබෙන බවද  ඔහු සඳහන් කළේය. දිවයින පුරා රෝහල්වල සහ වෙනත්  ස්ථානවල  විවිධ සායන ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් ක්‍රියාත්මක වෙයි.

මේ අතර බලශක්ති  අර්බුදය  සමඟ විවිධ අභියෝග පැන නැගී තිබුණද  රෝහල්වල  ශල්‍යකර්ම  කටයුතු   සාමාන්‍ය පරිදි කරගෙන යන බව හංසක විජේමුණි මහතා ප්‍රකාශ කළේය.