(කේ. බුද්ධික කුමාරසිරි)
මිනිසුන් නිවෙස්වල සිටියදී නිවාසවලට ඇතුල් වී සොරකමේ යෙදෙන "වල්පොල ලලා" නැමැත්තා තියුණු ආයුධ, කඩු සහ මන්නා කිහිපයක් සමගින් අත් අඩංගුවට ගත් බව මුල්ලේරියාව පොලිසිය පවසයි.
සැකකරු එලෙස සිදුකළ යතුරුපැදි සොරකමක CCTV සාක්ෂියක් ද පොලිසය සොයා ගෙන ඇත.
අපරාධ වැලැක්වීමේ රාජකාරියේ නිරතව සිටි මුල්ලේරියාව පොලිසියේ පොලිස් කණ්ඩායමක් වල්පොල හන්දියේදී සිදු කළ විශේෂ පරීක්ෂාවකදී “අයිස්” මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10ට අධික ප්‍රමාණයක් සන්තකයේ තබාගෙන සිටි සැකසහිත පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ස්කූටි වර්ගයේ යතුරුපැදියක පැමිණ සිටි මෙම පුද්ගලයා සන්තකයේ මත්ද්‍රව්‍යවලට අමතරව තරාදියක් ද තිබීම හේතුවෙන් පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ. එහිදී ඔහු එම තරාදිය මාළඹේ පොලිස් වසමේ වෙළඳසැලකින් සොරකම් කළ බවත් එය විකිණීමට සූදානමින් සිටි බවත් පාපොච්චාරණය කර ඇත.
ඉන් අනතුරුව සිදු කළ පුළුල් විමර්ශනයේදී සැකකරු සම්බන්ධයෙන් තවත් කරුණු රැසක් අනාවරණය කර ගැනීමට පොලිසියට හැකිවි ඇති අතර, ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී තියුණු ආයුධ, කඩු සහ මන්නා කිහිපයක් සොයාගෙන ඇති අතර, ඒවා භාවිත කර අපරාධ සිදුකර ඇත්ද යන්න පිළිබඳව වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd