(ඩයනා උදයංගනී)

ප්‍රවීණ රංගන ශිල්පියකු වන තිස්ස බණ්ඩාරනායක මහතා අභාවප්‍රාප්ත විය.

කලක් රෝගාතුරව සිටි බණ්ඩාරනායක මහතා මියයන විට 65 හැවිරිදි වියෙහි පසුවිය.

කාහල නාදය, අලුබඳුන, ගිරිකුල, මහතලා හටන, යුගවිලක්කුව, සංසාරේ පිය සටහන්, සිත නිවන කතා ආදී ටෙලි නාට්‍ය, භවදුක, වෑකන්ද වලව්ව, නිල් දිය යහන, ඉගිලෙන මාළුවෝ, දැවෙන විහඟුන් ඇතුළු චිත්‍රපට මෙන්ම, ඒකාධිපති, මකර රාක්‍ෂයා, ධවල භීෂණ ආදී වේදිකා නාටඨ ඇතුළු නිර්මාණ 300 කට පමණ තිස්ස බණ්ඩාරනායක මහතා රංගනයෙන් දායක වී ඇත.

අතර නිර්මාණ රැසක නිරූපණය කර ඇත්තේ භික්‍ෂූන් වහන්සේගේ චරිතයවීම විශේෂත්වයකි. තිස්ස බණ්ඩාරනායක මහතා දියණියන් දෙදෙනකුගේ පියෙකි.

ඔහු හොඳම සහය නළුවාට හිමි සුමති සම්මානය ඇතුළු සම්මාන ගණනාවකින්ම පිදුම් ලබා ඇත. තිස්ස බණ්ඩාරනායක මහතාගේ දේහය මාකොල දකුණ, ජය මාවත, අංක 16/1 දරණ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු කැලණිය, සේපාල කනත්තේදී හෙට (21) පස්වරු 6.00ට සිදුකෙරේ.