
(සුනිමල් හේවගේ)
පාදයේ ඇති වූ තුවාලයක් හේතුවෙන් මින්නේරිය වැවි ජලයෙහි බැස සිටි වන අලියකුට වන ජීවී නිලධාරීන් ප්රතිකාර කිරීමට සුදානම් වෙද්දී එම අලියා වැවෙන් ගොඩ වී මින්නේරිය යුදු හමුදා කඳවුර තුළට දිව ගොස් ඇත.
මින්නේරි යුද හමුදා කඳවුර මගින් පාලනය වන සුපිපි ළදරු පාසල අසලින්ම මෙම වන අලියා කඳුවුරු භූමිය තුළට ඇතුළු වී ඇතැයි ද වාර්තා වේ.
කඳවුර තුළට ඇතුළු වන අතර තුර පෙර පාසල් දරුවකු රැගෙන යාමට පැමිණි ත්රී රෝද රථයක තිබූ සහල් මිටියක්ද රැගෙන යුද හමුදා කඳවුර ඇතුලට ගොස් ඇත.
අලියා නිර්වින්දනයට ලක් කොට ප්රතිකාර කිරීමට වන ජීවීන් නිලධාරීන් කටයුතු යොදා ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නෑගම් එනකොට හිස් අතින් එන්න බැරි නිසා හාල් මිටියක් අරන් එන්න ඇති