හිටපු නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතා ඇතුළු විත්තිකරුවන් 5 දෙනා ඇප මත මුදා හැරීමට මතුගම මහේස්ත්‍රාත්වරයා අද (16) නියෝග කළේය.
එක් අයකුට රුපියල් 100,000 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියම කළේය.
අධිකරණ නියෝගයක් කඩ කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් නියෝජ්‍ය ඇමැතිවරයාට එරෙහිව චෝදනා ගොනු කර තිබිණි.
කලුතර ප්‍රදේශයේ වතු යායක වතු හිමිකරුගේ විරෝධය නොතකා මළ සිරුරක් වළ දැමීමට ගොස් ඇති වූ සිද්ධියකදී පොලීසිය විසින් ගෙන තිබූ අධිකරණ නියෝගයක්ද නොතකා එම සිරුර වළ දැමීම සම්බන්ධයෙන් මොවුන්ට චෝදනා එල්ල වී තිබේ.
නඩුව දෙසැම්බර් 10 වැනිදා යළි කැඳවීමට නියමිතය.
(ඡායාරූප - තුසිත කුමාර ද සිල්වා)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇප හම්බ වූ ගමන් ඔක්කොම ලෙඩ හොඳවෙයි දැන්..!
නීතියට ගරු නොකරන මෙවැන්නන් පත්කර යැවූ පුද්ගලයින්ටයි මඩුවලිගයෙන් තලන්න ඕනේ..!
මෙවැනි අය පාර්ලිමේන්තුවට යවන්නෙත් අපිම නේද? ඉතින් වැරැද්ද අපේම නේද?
මේ මනුස්සයට බනින්න එපා. ක්‍රමය වැරදි වුනත් මේ මනුස්සයා වගේ ජනතාවගේ පැත්තට වැඩ කරන ඇමැතිවරු අඩුයි.
ඔය මනුස්සයා ඔතන ඉන්නේ වටේ ඉන්න හෙන්චයියෝ නිසානේ. මෙයාට මල්මාල දැම්මේ රිමාන්ඩ් එකේ හිටියාට. අනේ මෙහෙමත් කොටළුවන් ටිකක්...
කොච්චර පෙරුවත් කිසිම වෙනසක් නැහැ