බිමල් ශ්‍යාමන් ජයසිංහ
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම හා හේෂා විතානගේ යන මහත්වරුන් අද (5) කොල්ලුපිටිය පොලිසියට බාර වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
නීතිඥ අජිත් ප්‍රසන්න මහතාට ඉකුත් 1 වැනි දා කොල්ලුපිටිය අරලියගහ මන්දිරය ඉදිරිපිට දී පහර දුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් දෙදෙනාට පොලිසියේ පෙනී සිටින්නැයි කතානායකවරයා හරහා දැනුම් දුන් පසු ඔවුන් අද (5) නීතිඥවරයකු සමඟ පැමිණ බාරවීමෙන් පසුව අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ දෙපලට ජය වේවා! මෙවන් මිනිසුන් අද රටේ ඉන්නේ අල්පයි... ඒ නිසා අපට මේ අයව ගොඩක් වටිනවා ඕනෙම නරියෙකුට නැට්ට වනන අය අතරේ මෙවන් සිංහයන් ඉඳීම අපට සතුටක්..