(ඉන්දිකා  රාමනායක)

ගාල්ල බන්ධනාගාරයේ   සිරකරුවෙකු බැලිමට පැමිණි ඥාතියෙකු  සිරකරුට ලබා දිමට රැගෙන එන ලද  සුදු පැහැති තුවායක වාටියේ ඉතා සුක්ෂම ලෙස  හෙරොයින්   සගවා   තිබියදි  අත්අඩංගුවට ගත් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි 

සිරකරුට  මෙම තුවාය ඥාතියා ලබා  දිමට ගිය අවස්ථාවේ එදින ගාල්ල බන්ධනාගාරයේ අමුත්තන් පෙන්විමේ රාජකාරියේ යෙදි සිටි  බන්ධනාගාර නිලධාරින්  එම තුවාය පරීක්ෂාවට ල කර උපක්‍රමශිලිව  හෙරොයින්  හදුනාගෙන ඔවුන්ගේ බාරයට ගෙන තිබේ.

මෙම තහනම් ද්‍රව්‍ය  රැගෙන ආ පුද්ගලයා සහ  තහනම් ද්‍රව්‍ය ද  සමග ඉදිරි නිතිමය පියවර ගැනිම සදහා ගාල්ල පොලිස් ස්ථානය වෙත භාර දි තිබේ.

සිදුවිම සම්බන්ධයෙන් මුලික විමර්ශනයක් ආරම්භ  කර ඇති බව  බන්ධනාගාර මුලස්ථානය වැඩි දුරටත් සදහන් කරයි