IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


තෙවැනි චාල්ස් රජු බ්‍රිතාන්‍ය නව අගමැති පිළිගනී

බ්‍රිතාන්‍ය නව අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත්වූ රිෂි සුනාක් තෙවැනි චාල්ස් රජු නිල වශයෙන් නව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීමට නියමිතය.

පෙනී මෝර්ඩන්ට් ඉවත්වීමෙන් පසු බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී රිෂි සුනාක් ටෝරි මන්ත්‍රීවරුන් ඇමැතූ අතර එය විනාඩි 10 කට සීමා විය.

එහිදී ඉදිරියේදී ඇතිවන අභියෝග හමුවේ කන්සවර්ටිව් පක්ෂය එකමුතුව කටයුතු කළ යුතු බවත් එසේ අකමැති මන්ත්‍රීවරුන් සිටී නම් පිටව යා හැකි බවත් ප්‍රකාශ කළේය.

අග්‍රාමාත්‍ය රිෂි සුනාක් ගේ රජයේ නව කැබිනට් මණ්ඩලය අද (25) දින පත් කිරීමට නියමිත අතර එහිදී පෙනී මෝර්ඩන්ට් විදේශ කටයුතු අමාත්‍යවරිය ලෙස පත් වීමට ඉඩ ඇති බවත් නැවත වරක් සුඑල්ලා බ්‍රේවර්මන් ස්වදේශ කටයුතු අමාත්‍යවරිය ලෙස පත් වීමට ඉඩ ඇති බවත් ආරංචි මාර්ග උපුටා දක්වමින් බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කළේය.

තවද මුදල් අමාත්‍ය ධුරයේ ජෙරමි හන්ට් දිගටම කටයුතු කරනු ඇති බවත් බ්‍රිතාන්‍ය මාධ්‍ය ප්‍රකාශ කළේය.

ඒ අනුව නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වන 42 හැවිරිදි රිෂි සුනාක් බ්‍රිතාන්‍යයේ ප්‍රථම ඉන්දීය සම්භවයක් සහිත අග්‍රාමාත්‍යවරයා වේ.

ඔහුගේ බිරිඳ බ්‍රිතාන්‍ය රජ පවුලටත් වඩා ධනවත් වීම විශේෂ සිදුවීමක් බව බ්‍රිතාන්‍ය මාධ්‍ය පෙන්වා දුන්නේය.එසේම නැපෝලියන් යුද්ධයෙන් පසුව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ ලාබාලතම පුද්ගලයා ලෙස රිෂි සුනාක් ඉතිහාස ගත වන බව පැවසේ.

 



අදහස් (2)

තෙවැනි චාල්ස් රජු බ්‍රිතාන්‍ය නව අගමැති පිළිගනී

sugath bandara Tuesday, 25 October 2022 09:25 AM

කියන්න තියෙන්නේ එකම එක දෙයක් විතරයි. බ්‍රිතාන්‍ය ගොඩක් පොහොසත් වෙනවා නැවත වතාවක් මොකද ඉන්දියන් ආයෝජකයින් යනවා ඔවුන්ගේ සල්ලිත් අරගෙන බ්‍රිතාන්‍යයේ ඉන්වෙස්ට් කරන්න.

:       1       15

ගමේ එකාලා Tuesday, 25 October 2022 03:39 PM

අපේ රටේ දූෂිත දේසපාලුවෝ වයසට ගිහිල්ලත් බල තණ්හාව. හොරා කකා ඉන්ඩමයි .හදන්නේ ? තරුණ අගමැති කෙනෙක් වන රිෂි සූනාක් බ්‍රිතාන්‍යයේ උපන් ,පාරම්පරික ධනවතෙක් ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 246 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 178 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 986 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site