
( සුමිත් පොතුපිටිය , උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම සහ ගයාන් සුරියආරච්චි)
නීති විරෝධීව වාහන එකලස් කරන ලද ස්ථාන තුනක් වටලා රුපියල් කෝටි හතකට අධික වටිනාකමකින් යුත් සුඛෝපභෝගී වහන පහක් භාරයට ගැනීමට වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය සමත්ව ඇත.
රත්නපුර, කලවාන ප්‍රදේශයේ නීති විරෝධී අන්දමින් වාහන එකලස් කර කූඨ ලේඛන සුඛෝපභෝගී වාහන අලෙවි කරන බවට ලද තොරතුරක් මත පොලිස් කණ්ඩායම් දෙකක් වැටලීම කර වාහන කලවාන පොලිසියට ඉදිරිපත් කර තිබේ .
එම වාහන වල චැසි අංක සහ එන්ජින් අංක ව්‍යාජ ලෙස කොටා වෙනස් කර ඇති බවත්, කූඨ ලේඛන සකසා ලියකියවිලි වෙනස් කට ඇති බවත් පොලිසිය කීය.
ප්‍රධාන සැකකරු පොලිස් අත්අඩංගුවට ගැනීමට ප්‍රශ්න කිරීමේදී ක්ලාන්ත ගතියෙන් බිම ඇදවැටී රත්නපුර රෝහලට ඇතුලත් ඇති බවද පොලිසිය සදහන් කරයි.
මෙසේ වාහන නීති විරෝධී අන්දමින් එකලස් කිරීමෙන් රජයට විශාල පාඩුවක් සිදුවන බැවින් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ මෙම මෙහෙයුම් සිදුකරන බව වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය සදහන් කරයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සු ඔය කියන කුට ජාවාරම් වලට යොමු වෙන්නේ වාහන වලට අසාමාන්‍ය විදිහට බදු ගහන නිසාය ,අද ලංකාවේ වහනයක් ගන්න එක්කෝ හොරකම් කරන්න ඕනේ එහෙම නැතිනම් පිනට ලැබෙන්න ඕනේ , සාමාන්‍ය රක්ෂාවක් කරලා වාහන ගන්න එක බොරු
මේවා තව ඉස්සහරට දෙගුණ තෙගුණ වෙයි බජට්ම වාහනයකුත් කෝටියක් විතර වෙනකොට සාමාන්‍ය මිනිහෙක්ට ජොබ් එකක් කරලා ජීවිත කාලේදී වාහනයක් ගන්න බැහැ. ඉදිරියේදී ඉන්දියාවෙන් වාහන කොටස් බෝට්ටු වලින් ගෙනත් ලංකාවේ එකලස් කරලා දුවන්න ගන්න ඉඩ තියෙනවා. වාහන වල අධික මිලෙත් සීමාවක් තියෙන්න ඕනෑ...
අන්තිම පින්තූරේ තියෙන සුපිරි වාහනේ තමයි වැඩිම වටින්නෙ.
පොලීසිය වාහන පස්සේ විතරක් එලවන්නේ පාතාලයයි කුඩු මුදලාලිලයි ඇමතිලගෙ සාක්කුවල නිසාද? මිනී මැරුම්, මත්ද්‍රව්‍ය වැහිවැහැලා. ෆේල් ආණ්ඩුව ඇස් කණ් පියාගෙන ඉන්නවා.
මේකෙ කමෙන්ට්ස් දාන සම හරක්ට තේරෙන්නෙ නෑ හොරැ සහ හොර බඩු ඇල්ලීම පොලීසියෙ වැඩක් මිස ආණ්ඩුවෙ වැඩක් නෙවෙයි කියල. එකම වෙනස කලින් ආණ්ඩු පොලීසියට නිදහසේ ඒක කරන්න දුන්නෙ නෑ, මේ ආණ්ඩුව ඒකට බාධා කරන්නෙ නෑ. මෝඩකමද කුහක කමද මන්දා..?
මේ යෝගා කියන මනුස්සයගේ කමෙන්ට්ස් මම දකිනවා. මොකක්හෝ යම්කිසි බුද්ධි වර්ධනයේ අඩුවක් තියන බව පේනවා.