
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රාගම පොල්පිතිමූකලානේ ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයකුගේ නිවසට ඉකුත් පස්වැනි වෙඩි ප්‍රහාරයක් එල්ල කළ බව කියන වෙඩික්කරුවකු අත්අඩංගුවට ගැනීමට අද අලුයම් කාලයේ පොලිසිය ගිය අවස්ථාවේ පොලිසිය සමග ඇති වූ වෙඩි හුවමාරුවකදී සැකකරු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
සැකකාර රාමායියා ජෙයරාජ් නැමැත්තා සපුගස්කන්ද ගෝනවිල ප්‍රදේශයේ නිවෙසක සැඟව සිටින බවට පොලිසිය ලද තොරතුරකට අනුව පොලිසිය එම නිවස වටලා ඇත. ඒ අවස්ථාවේ සැකකරු පොලිසිය වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති අතර එහිදී පොලිසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් පසු තුවාල ලබා කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
වෙඩි කා මියගිය සැකකාර පුද්ගලයාගේ සිරුර කිරිබත්ගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවි ගත්තෝ අවියෙන් නසී " කීවේ නිකං නොවේ.
මේක තමයි ක්‍රමය වෙන්න ඕනේ. ත්‍රස්තයාට ඌට තේරෙන බාෂාවෙන් කථා කරනවා වගේ පාතාල යින්ට උන්ගේ ක්‍රමයෙන්ම උත්තර දෙන්න ඕනේ. මාධ්‍ය කාරයින්ට සිද්ද උනේ මොකක්ද කියා දැනගන්න ඉඩ තියන්න එපා. ඔඋන් මිනිස් අයිතිවාසිකම් ගැන කථා කරන්න පටන්ගන්නවා
පාතාලයින්ගේ අයිතිවාසිකම් ගැන කතා කරන එකාලා..., පාතාලයින් නිසා පීඩා විඳින අහිංසක මිනිස්සුන්ගේ අයිතිවාසිකම් ගැන කතා කරන්නේ නැහැ.
නියමයි ,විය යුතු සිදුවෙමින් පැවතේ
රටක් පොලිසියක් මේ විදිහේ පාතාලය මර්දනය කිරීමේ ක්‍රියාමාර්ගයක් අනුගමනය කරනවා නම් හෝ රටක නීතිය එම ක්‍රියා මාර්ග අනුමත කරනවා නම් හෝ ජනතාවගෙන් කොටසක් හෝ ඒවා අනුමත කරනවා කියන්නේ අවනීතියට ඉඩහැරීමත් රටේ ක්‍රමයයි කියන එකයි. තවත් වචනයකින් කියනවා නම් පොලිසියට සැකකරුවන් අත්අඩංගුවට ගැනීම හා නඩු ඇසීම දඩුවම් නියම කිරීම හා දඩුවම ක්‍රියත්මක කිරීමේ බලය පොලිසිය සතු බව හා අවස්ථානුකූලව එය ක්‍රියාත්මක කිරීමේ අයිතිය පොලිසිය සතු බවයි. එය ගමේ අප්පුහාමිලාට හා කමලාවතීලාට මේක නොතේරුණාට රටේ බුද්මධිතුන්ට මේක නීතිය ක්‍රියාත්මක කිරීමේ පැහැදිලි විකුර්තියක් බව මනාසේ වැටහේ. මෙවැනි ක්‍රියාමාර්ග තුලින් අපරාධ මර්දනය කළහැකි යයි යමෙකු සිතනවා නම් එය ඒ තැනැත්තාගේ මන්දබුද්ධික භාවයකි.