කොරෝනා වයිරස පවුලට අයත් NeoCov යන නමින් හැදින්වෙන තවත් නව කොරෝනා වයිරසයක් සම්බන්ධයෙන් චීනයේ වූහාන් නුවර වෛද්‍ය පර්යේෂකයෝ ලොවට අනතුරු අගවති.
මේ වනවිට NeoCov කොරෝනා වයිරසය ව්‍යාප්තවන්නේ දකුණු අප්‍රිකාවෙන් හමුවුණු වවුලන් අතරේ පමණි. එය තවමත් වවුලන්ගෙන් මනුෂ්‍යයන්ට ආසාදනය වී නැත.
වූහාන් විද්‍යාඥයන් අනතුරු අගවමින් පැහැදිලි කර ඇත්තේ, NeoCov වයිරසය තවත් එක් විකෘතිකරණයකට ලක්වුවහොත් එය බොහොම පහසුවෙන් මනුෂ්‍යයන්ට ආසාදනය වීමේ හැකියාව ඇති බවය.
NeoCov කොරෝනා වයිරසය සතුව, සාර්ස් (SARS) සහ මර්ස් (MERS) කොරෝනා වයිරසවල එකතුවක් ඇති බවත් විද්‍යාඥයෝ පෙන්වා දෙති.
කොරෝනා යනු ක්ෂීරපායී සතුන් අතරේ පැතිරෙන වයිරස වර්ගයකි. ඒවා විකෘති වී මනුෂ්‍යයන්ට බෝ වී, පසුව මනුෂ්‍යයන් අතරේ ව්‍යාප්තවූ අවස්ථා ලෙස සාර්ස් (SARS) සහ මර්ස් (MERS) සැලකිය හැක.
අද අපට හිසරදයක් වුණු 'කොවිඩ් 19' කොරෝනා වයිරස පවුලේ නවතම සාමාජිකයාය. චීන විද්‍යාඥයන් පෙන්වා දෙන අන්දමට අනාගතයේ NeoCov කොරෝනා වයිරසය ද ලෝකයට බලපෑම් කරනු ඇත. මෙය 'කොවිඩ් 19' වයිරසයට වඩා බිහිසුණු මාරක වයිරසයක් වනු ඇත.
මේ වනවිට වුහාන් විද්‍යාඥයන් ඔවුන් NeoCov වයිරසය ගැන ලබා ගත් සියලු දත්ත ලෝක සෞඛ්‍ය සංවිධානයට යොමු කර ඇති බවත්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානය NeoCov වයිරසය වෙත යොමු වී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
'කොවිඩ් 19' වයිරසයේ මූලාරම්භය ලෙස සැලකෙන්නේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයයි. එය වුහාන් නුවර පිහිටි චීන රජයට අයත් හමුදාව යටතේ ක්‍රියාත්මක වන වයිරස පර්යේෂණාගාරය තුළ නිපදවූවක් බවට ද චෝදනා එල්ල වී ඇත.
ඒ බව තහවුරු නොවුණත්, මෙම පර්යේෂණාගාරයේ කොරෝනා වයිරස යොදා ගනිමින් පර්යේෂණ සහ අත්හදා බැලීම් සිදුවන බව රහසක් නොවෙයි.
NeoCov වයිරසය සම්බන්ධයෙන් අනතුරු අගවා ඇත්තේ ද මෙම වූහාන් පර්යේෂණාගාරයේ විද්‍යාඥයන්ය.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් එන්නත් පෝලිමක් බලාපොරොත්තු වන්න. ඉස්සර ආයුධ වෙළඳාම කරපු රටවල් දැන් ඖෂධ වෙළඳාමට බැහැලා...
වැක්සීන් මාෆියා... තවත් එකක්..!!
තවත් එකක් ආවා වගේ...!!!
ලංකාවත් ඔන්න දැන් එකක් එලියට දාලා - 'කෙලාහුටා' කියලා වෛරසයක්...
මේඩ් ඉන් චයිනා...
ඔයිට වඩා බිහිසුණු වයිරස් ප්‍රබේද තිබිලා තියනවා හැබැයි එදා වගේ මුදල් ඉපයීම සඳහා යොදාගෙන නෑ.අද කරන්නේ උන්ම හොයාගෙන උන්ම බෙහෙත් හදලා විකිණීම .අනික් කිසිම කෙනෙකුට කට අරින්න දෙන් නා නීති හදලා හිරේ දානවා .මේ හැම දෙයක් පිටුපසම තියෙන්නේ ව්‍යාපාර .කොරෝනා කියන්නේ තනිකරම බොරුවක්
මටනම් පේන්නේ චීන්නු දකුණු අප්‍රිකාව පැත්තේ පරීක්ෂණ ආරම්භ කර ඇති බවය. කලින් ඒවත් කොයි රටෙන් මතු වෙනවද කියල කිව්වේ හොරාට කලින් වැට පැන්න වගේ සීන් එකක්
චීනයෙන් මොන වෛරසයක් එළියට ආවත් ඔවුන්ට මොන හෙනයක් වත් නැහැනේ... දුක් විඳින්නේ අනෙක් රටවල්...
එහෙනම් සර්ට තව අවුරුදු 2ක් වැඩියෙන් දෙන්න වෙයි.
මාෆියා විසින් වෛරස් සාදනු ලැබේ...!