(අජන්ත කුමාර අගලකඩ)
තවත් පළාත් සභා 4කට ආණ්ඩුකාරවරුන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් හෙට (07) පත්කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව දකුණ, සබරගමුව, ඌව සහ උතුර යන පළාත් සභා 4 සඳහා නව ආණ්ඩුකාරවරුන් ජනාධිපතිවරයා ඉදිරියේ හෙට (07) දිවුරුම් දීමට බොහෝදුරට ඉඩ ඇතැයි එම ආරංචි මාර්ග කියයි. දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස මාර්ෂල් පෙරේරා මහතාද, සබරගමුව ආණ්ඩුකාර ලෙස නිලූකා ඒකනායක මහත්මියද, උතුරු පළාත් ආණ්ඩුකාර ලෙස රෙජිනෝල්ඩ් කුරේ මහතාද, ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ආරිය බී රැකව මහතාද මීට පෙර කටයුතු කළ අතර ජනාධිපතිවරයාගේ දැනුම්දීමක් මත ඔවුහු සිය ධුරවලින් ඉල්ලා අස්වූහ.
පළාත් 9ම ආණ්ඩුකාරවරුන් ජනාධිපතිවරයකුගේ දැනුම්දීම මත ඉල්ලා අස්වීමෙන් පසුව පළාත් සභා 5කට නව ආණ්ඩුකාරවරුන් ජනාධිපතිවරයා විසින් ඉකුත් සිකුරාදා දිනයේ පත්කරනු ලැබීය.
එම පළාත් 5ට ආණ්ඩුකාරවරුන් පත්කිරීමේදී හිටපු ආණ්ඩුකාරවරුන් කිසිවකුත් නැවත පත් නොකිරීමද විශේෂත්වයකි.
ඉතිරි පළාත් සභා 4 සඳහාද ආණ්ඩුකාරවරුන් ලෙස අලුතින්ම පිරිසක් පත්වීමට බොහෝදුරට ඉඩඇති බවද පැවසේ..

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නඩුව ඔප්පු වුනොත් අංගොඩ තමයි නවතින්න වෙන්නේ.
කවුරු පත් කලත් අවසානෙ ඔක්කොම පොහොට්ටුවෙ ජනපතිට හුලං
මෛත්රී ගුණරත්න, අසාද් සාලි වගේ රනිල්ට පුළුවන් තරම් අපහාස කළා නම් ආණ්ඩු කාරකමක් ෂුවර්. එ්කට ලබා ගන්න තිබුණා...