(යොහාන් භාසුර)
ශ්වසන රෝග ඇතුළු බැක්ටීරියා ආසාදන සදහා භාවිතා කරන ‘කෝ ඇමොක්සික් ලෙව්’ නැමති ප්‍රතිජිවක ඖෂධයේ තවත් ඛාණ්ඩ තුනක් භාවිතයෙන් ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ.
මීට පෙර ද භාවිතයෙන් ඉවත් කර ඇති මෙම ඖෂධය තත්වයෙන් බාල බවට වෛද්‍ය සැපයුම් අංශය නිර්දේශ කිරීමත් සමග මෙම පියවර ගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
ළමා රෝග ආසාදනවලදී බහුල වශයෙන් ලබා දෙන මෙම ප්‍රතිජීවක ඖෂධය දේශීය සමාගමක නිෂ්පාදනයකි.
එම ඖෂධය පිළිබද වැඩිදුර පරීක්ෂණ සදහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ පර්යේෂණාගාරයකට යොමු කළ බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය කියයි.
ඒ ආකාරයට පරීක්ෂණ සදහා යොමු කර තිබියදී මෙම සමාගම විසින් නිෂ්පාදනය කර යළි සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දුන් ප්‍රතිජීවක ඖෂධ තත්ත්වයෙන් බාල බව සොයා ගැනීමත් සමග පසුගිය 15 වැනිදා භාවිතයෙන් ඉවත් කර ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබද වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජිව මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අද (24) පැවසුවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයා කියන ඖෂධ නිපදවන සමාගම හා එහි ආයෝජකයින් ගැනත් කියන්නකෝ .ඉතිරි ටික බහුතර පොදු ජනයාට ඉබේම වැටහේවි .දැන් ටික ටික මේ රට හරක් ප්‍රමාණය අඩුවීගෙන යනවා
පෞද්ගලික පාමසිවල විකුණන එක නවත්වන්න ඕන නේද?. නිපදවූ සමාගමේ නම හෙලිකරන්න...