
(ඩයනා උදයංගනී)
පරිවෙණාචාර්යවරු, රජයේ අනුමත පෞද්ගලික පාසල් ගුරුවරුන් සහ රජයේ අනුමත උපකෘත විශේෂ පාසල් ගුරුවරුන් සඳහා ද රුපියල් 5,000 විශේෂ දීමනාව ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇතැයි කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය, ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
මෙතෙක් එම පාර්ශවයන්ට මෙම දීමනාව අදාළ වී නොතිබුණු බව කී ඇමතිවරයා එයට හේතුව යම් යම් දත්තයන් ලැබීමේ ප්‍රමාදයන් බව ද සඳහන් කළේය.
ගුරු විදුහල්පති සේවාවන්හි වැටුප් විෂමතාවයන් ඉවත්කිරීම සම්බන්ධයෙන් වූ අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව නිකුත් කෙරුණු රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 03/2016 (iv) හි විධිවිධාන ඉහත සඳහන් පාර්ශවයන් වෙතත් අදාළ කරගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙම අනුමැතිය හිමිවූ බව ඇමතිවරයා කීවේය.
ඔවුන්ට මෙය ලබාදීමේ මාසයක ප්‍රමාදයක් සිදුවුවත් ලබන මස සිට හිඟ වැටුප ද සහිතව ලබා දී යුක්තිය ඉටුකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව ද ඇමති ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
ඇමතිවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (8) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට 5000 එපා... සල්ලි අච්චු ගහන මැෂිමක් දෙන්න... අපි සල්ලි අච්චු ගහලා බදු ගෙවන්නම්...!