(සිරංගිකා ලොකුකරවිට)
කරාපිටිය ශික්ෂණ රෝහලේ එක්මෝ ප්‍රතිකාර සඳහා යොමුකර සිටි කොරෝනා ආසාදිත ගැබිනි කාන්තාව අද මිය ගිය බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
මුල්ලේරියා රෝහලේ සිට අසාධ්‍ය තත්ත්වයෙන් කරාපිටිය ශික්ෂණ රෝහලට ගෙනවිත් එක්මෝ ප්‍රතිකාර සඳහා යොමු කළ ද මවගේ හෝ දරුවාගේ ජීවිත බේරාගැනීමට නොහැකි වූ බව වෛද්‍යවරු පවසති.
44 වැනි වියේ පසුවූ මෙම කාන්තාව දරුවකු නොමැතිවීම හේතුවෙන් නල දරු ක්‍රමයෙන් දරුගැබක හිමිකාරියක වූවාය. කොරෝනා ආසාදනය වී කරාපිටිය ශික්ෂණ රෝහලට යොමුකර එක්මෝ ප්‍රතිකාරයට යොමුකර සිටිය දී සිහි මුර්ජා තත්ත්වයෙන් ම ඇය මීට දින කිහිපයකට පෙර මළ දරු උපතක් සිදුකළාය.
කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් පවසන්නේ මෙම කාන්තාව දින 11ක් පමණ එක්මෝ යන්ත්‍රයේ උපකාරයෙන් ප්‍රතිකාර ලැබූ බවයි.
එසේ වුව ද වෛරසයේ බලපෑමෙන් ඇයගේ මොළය ඉදිමීමේ තත්ත්වයක් දක්නට ලැබුණු බව ඔවුහු පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා...
රෝගය පාලනය නොකර මේ දුක් දුන් පුද්ගලයින්ට මොනවා නෙවෙයිද
හරිම කනගාටුයි . තවත් මෙවන් පුවත් අසන්නට නොලැබේවා .
මතු භවයක දී මෙවන් අකල් මරණයක් අත් නෙවේවා!
අනේ .....හරිම කනගාටුදායක සිදුවීමක්... ඇයගේ සිහින බොදවීම දුකකි... ඔබතුමියට නිවන් සුව අත්වේවා......
ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා...
මතු උපදින කිසිම භවයක මෙවැනි අකල් මරණයක් නොවේවා
ඉතිරි අයවත් ඛෙරගන්න විශේෂිත වැඩපිළිවෙළක් හදන්න වෙයි.