
(තලවකැලේ- ශාන්ත චන්ද්‍රසිරි)
තලවකැලේ,ආගරපතන,බෝපත්තලාව,මැණික්පාලම ප්‍රදේශයේදී කම්බ් මදුවකට හසුව දැඩි ලෙස තුවාල ලබා රන්දෙණිගල පශු වෛද්‍ය ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කඳුකර කොටියා මිය ගිය බව වනජීවී නිලධාරීහු පවසති.
මෙම කඳුකර කොටියා කම්බි මදුවකට හසුව සිටියදී පසුගිය 24 වැනි දින වනජීවී නිලධාරීන්ට හමු වු අතර පසුව එම සතා නිර්වින්දනය කොට මදුවෙන් මුදවාගෙන ප්‍රතිකාර සඳහා රන්දෙණිගල පශු වෛද්‍ය ඒකකයට රැගෙන යන ලදි.
රන්දෙණිගල පශුවෛද්‍ය ඒකකයේ පශු වෛද්‍යවරුන් හා වනජීවී නිලධාරීන්ගේ දැඩි අධීක්ෂණය යටතේ දින අටක් ප්‍රතිකාර ලබමින් සිටි මෙම කඳුකර කොටියා මිය ගොස් තිබේ.
කොටයට ගැට ගසන ලද කම්බ් මදුව සැලකිය යුතු දුරක් එම කොටයද සමග ඇද ගෙන ගමන් කිරීමේදී ශරිරියට ඇතිව තිබු ගැඹුරු කැපුම් තුවාල සහ නිව්මෝනියා තත්ත්වය හේතුවෙන් කඳූකර කොටියා මිය ගිය බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී තිබේ.
මෙම කඳුකර කොටියා වයස අවුරුදු අටක පමණ හොදින් වැඩුණු පිරිමි සතෙකු බව වනජීවී නිලධාරීහු පවසති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ ගමන්.. ඉතා ලස්සන සතෙකුට. මිනිසුන් විසින් සොබාදහමට කළදේ පහුගිය මාස කිහිපයක් පුරා අත්වින්දේ..
අනේ පව් අසරණ සත්තු... පරිසරය සුන්දර කරන්නේ මේ අහිංසක සත්තු... මේ මද්ද ගහන මිනිස්සුන්ට නිසි දඬුවම් දුන්නා නම් අහිංසක ජීවිත කීයක් බේරගන්න තිබුණාද?