මේ වසරේදී ඖෂධ වර්ග 100 ක මිල අඩු කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය.
එමෙන්ම පෞද්ගලික රෝහල්වල මිල නියාමනය කිරිම ද සිදු කරන බව අමාත්‍යවරයා සඳහන් කරයි.
පසුගිය වසර කිහිපයේ දී ඖෂධ වර්ග 73 ක මිල අඩු කළ බවත්, මේ වසරේදී එම සංඛ්‍යාව 100 දක්වා වැඩි කිරීම සිය අරමුණ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
එමෙන් රටේ 75% රෝගීන් මිය යන්නේ බෝ නොවන රෝගවලින් බවත් සඳහන් කළ අමාත්‍යවරයා ආහාර භාවිතයේදී ජනතාව මීට වඩා සැලකිලිමත් විය යුතු බවද සඳහන් කළේය.
(36698)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නෙ තවත් ඉන්දියන් ජරා බෙහෙත් ටිකක් ගෙන්වන්න කුරුමානම් අල්ලන්න හදනවා ඇති. සත 50 ට පෙති 100 ක් බිව්වත් හොඳ වෙන්නේ නැති ඉන්දියන් ජරා බෙහෙත් පෙත්ත රුපියල් 15 කරල රුපියල් 30 ට තියෙන බෙහෙත් පෙති දෙකෙන් ලෙඩේ හොඳ වෙන බෙහෙත් පෙත්ත ගෙන්වන එක නැත්තටම නැති කරල දාන්න තමයි ඔය හදන්නෙ.
එහෙනම් තව බාල බෙහෙත් තොගයක් ගජ මිතුරෙක් අරන් ඇවිත් වගේ...
දොස්තර වරුන්ගේ වර්ජනයක් බලාපොරොත්තු වෙන්න වෙයි වගේ...
නැවත වතාවක් ඇමතිකම නොදිය යුතුව තිබු පුද්ගලයෙක් මොහු. මොහු මේ රජයේ සිටින්නේ චන්ඩියෙක් වගේ. විරුද්ධව තිබෙන දුෂණ වංචා පැමිණිලි රාශියක් තවමත් හමස් පෙට්ටියේ හංගලා තියෙනවා. නිලධාරීන් බයයි ඒවා අදින්න... මතකයිනේ හිටපු අල්ලස් දුෂණ කොමසාරිස් තුමියට වුනදේ...
මිල අඩු කිරීමෙන් ගුණයෙන් යුතු බෙහෙත් වර්ග වෙනුවට බාල බෙහෙත් අඩු මිලට විකිණීමයි. හැකි සෑම අවස්ථාවේදීම ඖෂධ සංස්ථාව ගෙන්වන හෝ නිපදවන ඖෂධ පාවිච්චි කිරීමයි.
අනේ ඇමති තුමා ඔයගමන්ම ඔය මිල අඩුකරපු බෙහෙත් වලින්ම සුවවෙන ලෙඩරෝග පමණක් හැදෙන්න කියලත් අනඥාවක් නිකුත් කලානම්.
ලංකාවේ ඖෂධ වර්ග හැම එකක්ම වාගේ ගෙන්වන්නේ පකිස්තාන් හෝ ඉන්දීය. බොහොමයක් පකිස්ථානයේ නිෂ්පාදිත ඒවාය. BBC ජාලය මගින් එක්තර වාර්තාමය වැඩසටහනක් කලා පාකිස්තානේ හොර ඖෂධ නිෂ්පාදනාගාර ගැන. මේ හොරු ලෝකේ හැම රටකටම ඔවුන් විසින් ඔවූන්ගේ හොර නිෂ්පාදනාගාර වල හදපු හොර ඖෂධ මුළු ලෝකෙටම බෙදන හැටි මෙම වැඩසටහනෙන් පෙන්නුවා. මේ හොරුන්ට පාකිස්තානේ බලධාරින්ගේද සහය තියෙන බව ඔවූන් කියනවා. මිල අඩු කලා කියලා කියන්නේ ප්‍රමිතිගත ඖෂධ වෙනුවට හොර ඖෂධ ගෙන්වලා මිනිස්සු තව ලෙඩ්ඩු කරන එක. රටේ දේශපාලුවෝ පිටරට ගිහින් බෙහෙත් ගන්නේ දුප්පත් මිනිහට පොවන්නේ හොර බෙහෙත්.
අනේ ඇමතිතුමෝ මේ තක්කඩි දොස්තර සංගමය තමයි මේ ඔබතුමාට විරුද්ධව ඔය කමෙන්ට් දාන්නේ. අපි වගේ දුප්පත් අයට ඔබතුමා ඉස්සෙල්ලා අඩුකරපු බෙහෙත් වලින් මාසයකට විශාල මුදලක් ඉතිරිවෙනවා. ඒ සහනය දුප්පත් අපි විතරයි දන්නේ. ඉතින් තවත් බෙහෙත් අඩුකරනවා කියන්නේ අපිට ලැබෙන ලොකු සහනයක්... ඇමතිතුමාට ගොඩක් පින් ලැබෙනවා.
හුඟක් මිනිස්සු වලිගෙ පාගාගෙන කතා කරන්නේ... මම එක උදාහරණයක් කියන්නම්. මිල අඩුකරන්න කලින් mixtard 30 ඉන්සියුලින් පෙන් ෆිල් 1 ක් තිබුනේ රු 743ට... දැන් එම වර්ගයම රු 600. මිල අඩු කිරීම රු 143. උග්‍ර දියවැඩියා ලෙඩෙකුට ඒක කොතරම් සහනයක්ද?. සීනි බලන ස්ට්‍රිප් එකක් තිබුනේ රු 78 ට දැන් රු 50 . ඇමතිතුමා කරන්නේ හොඳ වැඩක් අත්දැකීමෙන් කියන්නේ.
හොඳ වැඩ කරන්න බය වෙන්න එපා. පෞද්ගලික ටෝටල් රාම නගරයකම පටන් ගත යුතුයි. එහෙත් ඒවා නියාමය කළයුතුයි.