
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
තලවතුගොඩ සංචාරක රැකියා නියෝජිත ආයතනයක සේවකයන් දණගස්වා රුපියල් කෝටි 08 කට ආසන්න මුදල් සහ රන් භාණ්ඩ කොල්ල කෑ කණ්ඩායමේ මහා මොලකරු කොල්ල කෑ මුදල්වලින් කොටසක් ද සමග මුල්ලේරියාවේදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය සඳහන් කරයි.
කොල්ල කන ලද මුදලින් රුපියල් එක්කෝටි අසුපන් ලක්ෂයක් සහ කොල්ලයට යොදා ගත් මෝටර් රථය හා සොරා ගත් යතුරුපැදියක් ද පොලිස් භාරයටගෙන ඇත.
අත්අඩංගුවට ගත් එම සැකකරු කොල්ලේ සිදු වූ දින මෝටර් රථයේ රියදුරු ලෙස කටයුතු කළ තැනැත්තා බව පොලිසිය කියයි.
මුහුණු ආවරණය කරගෙන තියුණු ආයුධ රැගෙන ඉකුත් 01 වෙනිදින කඩා වැදුණු තිදෙනකුගෙන් යුත් කල්ලියක් එහි සිටි පිරිසට මරණීය තර්ජනය කර එහි දේපළවලටද තියුණු ආයුධ වලින් පහරදී රුපියල් හය කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් සහ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක් වටිනා පවුම් 30 ක රන් භාණ්ඩ තොගයක් කොල්ලකා පලා ගොස් තිබිණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd