(උපාලි ආනන්ද)
තලාව ජයගඟ ප්‍රදේශයේ දී සිදුවූ බස් රථ අනතුර සම්බන්ධයෙන් තඹුත්තේගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බස් රථයේ රියදුරු මේ මස 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට තඹුත්තේගම මහේස්ත්‍රාත් ගයත්‍රි හෙට්ටිආරච්චි මෙනවිය නියම කළාය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ තලාව මොරගොඩ පදිංචි ආර්.පී.කුසුම් රාජපක්ෂ යන අයයි.
මේ අතර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බස් රථයේ රිය සහයක කවිෂ්ක ලක්මාල් යන අයට ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇපයක් මත මුදා හැරීමට නියම කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd