(පාලිත ආරියවංශ සහ ප්‍රසාද් රුක්මල්)
බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අයත් තල්දෙන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයෙන් පලාගියරැදවියන් නව දෙනාම මේවන විට අත්අඩංගුවට ගෙන ඇතැයි තල්දෙන වරද කරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයේ ප්‍රකාශකයෙක් පැවසීය .
ඊයේ (17)අලුයම මෙම රැදවියන් 9 දෙනා පළාගොස් තිබුණි .ඔවුන් සියළු නෝම්බි මෙහෙයන් සදහා වෙනම මැදිරියක රදවා තිබියදී එම මැදිරියේ යකඩ කම්බියක් කපා කපා එම ස්ථානයෙන් ඔවුන් පළාගොස් තිබූ බව විමර්ශන වලදී අනාවරණය වී තිබේ .
රැඳවියන් විසින්ම ලබාදුන් තොරතුරක් අනුව වහාම ක්‍රියාත්මක වූ බන්ධනාගාර නිළධාරින් සිදුකළ සෝදිසි මෙහෙයුමේදී තරුණයන් දෙදෙනෙක් එදිනම උදෑසන තල්දෙන බන්ධනාගාර නව ගොවිපල අසලදී අත්අඩංගුවට ගැනීමට සමත්විය .
කන්දකැටිය පොලිසිය ගම්වැසියන්ගේ සහාය ඇතිව කළ සෝදිසියේදී (17) සවස 6.30 ට පමන තවත් තරුණයන් හතර දෙනෙක් කන්දකැටිය බදුළුඔය සමීපයේ කුඹුරයායක් අසලදී අත්අඩංගුවට ගත් බව කන්දකැටිය පොලිසිය පැවසීය .
ඉතිරි තරුණයන් තිදෙනා බන්ධනාගාර නිළධාරින් විසින් කන්දකැටිය කිරිවෙහෙර බදුළුඔය සමීපයේ සිදුකල සෝදිසියේදී අද (18) අලුයම 4.00 ට පමණ අත්අඩංගුවට ගත් බව බන්ධනාගාර ප්‍රකාශයෙක් පැවසීය .
මෙම තරුණයන් වයස අවුරුදු 23,24,25,26 යන වසස් වලට අයත් මත්ද්‍රව්‍ය වැරැදි සම්බන්ධයෙන් රදවා සිටි අය බවත් ඔවුන් විශෝධනයෙන් පසු මාස දෙක තුනක් තුළ නිදහස් කිරීමට නියමිතව තිබූ අයත් බවත් බන්ධනාගාර ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන්කළේය .
අද (18) දින ඔවුන් අධිකරණයට ඉරිපත් කිරීමට නියමිතය තිබිණ .මෙම විශෝධන මධ්‍යස්ථානයේ මත්ද්‍රව්‍ය වලට වැරදි කරුවන් වූ තරුණයන් 376 ක් රඳවා සිටිති .රාජකාරියේ නියුතු බන්ධනාගාර නිලධාරින් සංඛ්‍යාව 48 ක් පමණි
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
තල්දෙනින් පැන්න නවයම අල්ලයි