(ජේ.ඒ.එල්.ජයසිංහ)
තෙල්දෙණිය කෙන්ගල්ලේ සුපිරි වාහන සෙල් ආයතනයකින් සුභෝපභෝගී ජිප් රථ තුනක් සහ වෑන් රියක් කොල්ලකෑමේ සිද්ධියට සැකපිට මධ්‍යම පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකුගේ පුතකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
පොදු ජන පෙරමුණු හිටපු මන්ත්‍රීවරයාට අයත් පල්ලේගම දොරගමුවේ නිවෙස පිටුපසු ගරාජයේ තිබියදී කොල්කන ජිප් රථ දෙකක් ද අත්අඩංගුවට ගෙන ඇත.
වත්තේගම පොලිසියට ලද තොරතුරක් මත සැකකපිට මෙම තිදෙන් අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොදු ජන පෙරමුණු හිටපු මන්ත්‍රීවරයාට අයත් පල්ලේගම දොරගමුවේ නිවෙස පිටුපස ගරාජයේ තිබියදී කොල්ලකන ජිප් රථ දෙකක් ද අත්අඩංගුවට ගෙන ඇත. පොදුජන පෙරමුණේ මන්ත්‍රීලා හොරකම් කරනවාද?
කොහොමද වැඩේ...? හිතාගෙන ඉන්න ඇත්තේ හසුවෙන එකක් නැහැ කියලා වෙන්න ඇති ..රටේ හොරකමක් මංකොල්ල කෑමක් ඇතුළු වැරදි වැඩක් සිදුවුණොත් අනිවාර්යයෙන්ම, ඒකට පොහොට්ටුවට සම්බන්ධ අය ඉන්නවා. නායකයින් හොරකම් කරන කොට පොඩි එවුන් ඒක නොකර සිටීවිද? නායකයින් රටම හොරාකාලා බංකොලොත් කරපු එකේ අපි මේ වගේ හොරකමක් කළාට මොකක් වෙනවාද කියලා පොඩි අය හිතන්නට ඇති.
හොයාගන්න කලින් අපි නම් කිව්වා පොහොට්ටුවේ කෙනෙක් සම්බන්ධයි කියලා. හොරකමක්, වංචාවක් වුණොත් ඉස්සෙල්ලාම පොහොට්ටුවන්ගේ ගෙවල්වල බලන්න ඕනෑ...
ඇමතිගේ නම කියන්න...
මේ කාලකණ්ණි හොරුන්ටයි, ඔවුන්ගේ පවුලේ වලටයි හෙනම ගහපිය...!!!
පොහොට්ටුවට සම්බන්ධ හැමඑකාම හොරු තමයි. ඒත් මේ වෙලා තියෙන්නේ ආරංචි හැටියට පොලියට සල්ලි ඇරගන්න පොලී මුදලාලිට උගස් කරපු වාහන නැවත පැහැරගෙනයාමක්ලු. ඒකත් හොරකමක් තමයි. ඒත් ඔය පොලී මුදලාලිත් හොරෙක්? තක්කඩී මැරයෙක්. මෑතක ඔලුවට වෙඩි තියාගෙන මැරුණා. ඊට පස්සේ ඒ බිස්නස් කරගෙන යන්නේ ඒ මැරයාගේ බිරිඳ. මෙතැන හොයාගන්න තියෙන ලොකුම අපරාධය ඔය එකක්වත් නෙමෙයි. මේ වාහන කාගේද? ආණ්ඩුවේද? එහෙම නැත්නම් රත්වත්තලාගේද? ඒවා කොහොමද මෙයාලාට ලැබුණා වගේ කාරණා. ඒ ඔක්කොම යටගහලා කොල්ලෝ අල්ලලා, ටික දවසකින් ඇපපිට නිදහස් කරලා දැම්මාම ප්‍රශ්නේ ඉවරයි. මිනිස්සුන්ට අමතකයි.