IMG-LOGO

තල්දෙණින් පැන්න තව හතරක් මාට්ටු

(ප්‍රසාද් රුක්මල්)

බදුල්ල තල්දෙන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයේන් පලාගිය රැදවියන් තවත් සිව්දෙනකු අද 17 රාත්‍රි කන්දකැටිය වැල්ලවලතැන්න පාර 10 කොටස බදුලුඔය රක්ෂිතයේ කුඹුරු යායකදි අත්අඩංගුවට ගත් බව කන්දකැටිය පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බදුල්ල තල්දෙන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයේ පුනුරුත්ථාපනය වෙමින් සිටි කොළඹ මෝදර මට්ටක්කුලිය , වැල්ලම්පිටිය , දෙමටගොඩ, මාලිගාවත්ත යන ප්‍රදේශ වල පදිංචි අවුරුදු 22, 24,26 සහ 27 වයසේ පසුවෙන තරුණයන් සිව්දෙනකු යැයි පොලිසිය කීය.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් මොවුන් අත්අඩංගුවට පත් වී අධිකරණ ය මගින් බන්ධනාගාර ගත කර බදුල්ල තල්දෙන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයේ පුනුරුත්ථාපනය වීමට මීට මාස දෙකකට ඉහතදී මොවුන් සිවුදෙනා මෙහි පුනුරුත්ථාපනය සදහා එවා ඇති බවත් පොලිසිය පැවසීය.

එසේ සිටියදී අද (17) අලුයම බදුල්ල තල්දෙන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයේ සිටි රැදවියන් නවදෙනකු ඉන් පැන පලාගොස් ඇති අතර ,පලාගිය රැදවියන්ගේන් දෙදෙනකු පෙරවරුවේ තල්දෙන ප්‍රදේශයේ ලදු කැකැළෑවක සැගවී සිටියදී බන්ධනාගාර නිළධාරින් සොයා ගත්හ.

 



අදහස් (0)

තල්දෙණින් පැන්න තව හතරක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 172 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 664 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1066 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site