
(සුජිත් හේවාජුලිගේ )
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට මින් ඉදිරියට ණය මුදල් ලබාදීම සම්පූර්ණයෙන්ම තහනම් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සියලුම බැංකුවලට විශේෂ නියෝගයක් ලබාදී ඇතැයි එම බැංකු ආරංචි මාර්ග මාර්ග කියයි.
මේ අතර ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට මේ ආකාරයට දිගින් දිගටම විශාල වශයෙන් ණය මුදල් ලබා දුනහොත් බැංකු පද්ධතිය වැඩිකල් නොගොස් සම්පූර්ණයෙන්ම කඩා වැටිය හැකි බව මහ බැංකු අධිපතිවරයා රජයට දැනටමත් අනතුරු අඟවා ඇතැයි දැනගන්නට ඇත.
මේ ආකාරයට ණයදී බැංකු පද්ධතිය කඩා වැටුණහොත් එහි වගකීම තමාට බාරගත නොහැකි බවද කබ්රාල් මහතා රජයට වැඩිදුරටත් දැනුම්දී ඇත.
මේ අතර ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ණය මුදල් ලබාදීම දිගටම කරන්නැයි රාජ්‍ය බැංකුවලට ඇතැම් පාර්ශව කාලයක සිට විවිධ බලපෑම් කරන බව බැංකු ප්‍රධානීහු පවසති.
" ඒ බලපෑම්වලට යටවී කටයුතු කළ කාලය දැන් ඉවරයි. මින් ඉදිරියට නම් ණය දෙන්නම බැහැ. තවදුරටත් ණය දුන්නොත් බැංකු පද්ධතිය කඩා වැටෙනවා. ලෝකයේ බොහෝ රටවල එවැනි අත්දැකීම් තියෙනවා" යැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
මේ සම්බන්ධයෙන් අප බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසූවේ ඛනිජ තෙල් සංස්ථාව ණය ගැනීමේ උපරිම සීමාවට පැමිණ ඇති බවයි.
මේ විදියට ගියොත් ඉදිරියේදී තෙල් හිඟයක් ඇති විය හැකි බවත් තෙල් මත පනවා ඇති බදු ඉවත් කිරීම ප්‍රශ්නයට දැනට තිබෙන එකම විසඳුම බවත් ඔහු සඳහන් කළේය.
තෙල් මත පනවා ඇති බදු ඉවත් කරන්නැයි රජයෙන් ඉල්ලීම් කර ඇතත් මෙතෙක් සාර්ථක ප්‍රතිචාරයක් ලැබී නැතැයි උදය ගම්මන්පිල මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි පිනට තෙල් ගහලා වගේ...!
තෙල් මත පනවා ඇති බදු ඉවත් කළහොත් රජයේ වියදම පියවා ගන්න මුදල් සොයා ගනු ලබන්නේ කෙසේද? පාසල්, රෝහල්, පොලිසි සහ ආරක්ෂක අංශ සහ විශේෂයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වැටුප් ගෙවන්නේ කෙසේද? රජයේ වැටුප් වැඩිවීම් කෙසේවෙතත් ඉතිහාසයේ පළමු වතාවට වැටුප් අඩුවීමක් සිදුවන්නට හැකියාවක් පවතියි.
නුඹලා ඔක්කොම අනලා මුළු රටම විනාශ කරලා... අපිවත් විනාශ කරලා ඉවරයි.
මෙය කළයුතුව තිබුණේ බොහෝ කලකට පෙර...
කවුද රට නීතියට අනුව පාලනය කරන්නේ?
මහබැංකුවේ අධිපතිට තෙල් දීම නැවැත්තුවා නම් හොඳයි. මෙයාට කරත්තේ යන්න පුළුවන්. ජනතාවට ප්‍රාඩෝ තිබ්බට කමක් නෑ.
තෙල්වත්, විදුලියවත් ජනතාවට නොමිලේ දෙනවා නෙවෙයිනේ. එහෙම නම් පාඩු පිටම දුවන්නේ ඇයි? අධික සේවක සංඛ්‍යාව, පොඩි එකාගේ සිට ඉහළට දක්වාම සිදුවන්නේ හොරකම්. ගෙදර ඉඳන් අතිකාල ගන්නා තත්ත්වයක සේවකයින් ඉන්නේ. මේ ගැන හොයලා දීර්ඝ කාලීන පිළිතුරු හොයනවා වෙනුවට එනඑන ඇමැති කරන්නේ ඔය තියෙන විදිහටම දුවලා එයත් කීයක් හරි සාක්කුවට දාගෙන යන එක...
ඔය කියන්නේ වැඩකරන අයට ගෙදරින් ගෙනත් තෙල් ගේන්න කියලද? මේ විනාසෙට ඔයත් එක් හවුල් කරුවෙක්...!
ඉන්ධන පිරවුම් හලකින් අඩුම ඉන්ධන ප්‍රමාණයක් ලබාගන්න යතුරුපැදි කරුවෙකුට, හෝ ත්‍රි රෝද කරුවෙකුට ණයට ඉන්ධන දෙනවද?
තෙල් සංස්ථාව වසර ගණනාවක සිට දිව්වේ පාඩු පිට. ඒකට හේතු හොයලා පිළියමක් කිසිම රජයකින් දුන්නේ නෑ. ඉන්ධන කියන්නේ ලබාගත හැකි රාජ්‍ය ව්‍යවසායකයක්... පළමුවෙන්ම කළයුත්තේ තෙල් සංස්ථාවට අයවියයුතු ණය (CEB සහ දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ලබාගෙන එම මුදල් තෙල් මිලදී ගැනීමට යෙදවීමයි. පැහැදිලිව පෙනෙනවා අජිත් කබ්රාල් ගම්මන්පිලව හිර කරනවා. මේක බැසිල්ගේ කුමන්ත්‍රණයක් විය හැකියි. ඔන්න කට්ටිය පොදු අරමුණකට යන හැටි...!
තෙල් ගේන්න ණයට ගන්නවා. ආදායම් ලබාගෙන පක්ෂයේ ගැත්තෝ පෝෂණය කරනවා. ණය ගෙවීම් පැහැර හරිනවා. කබරාල්ගේ අදහස හරි. අහිංසක මිනිහෙක් ණයට අරගෙන නොගෙව්වොත් මෙහෙම කරනවාද? වහාම ක්‍රියාත්මක කරන්න ගත්තු ණය ගෙවීමට කියන්න මේ සෙල්ලම් කරන්නේ අසරණ ජනතා මුදල්...
මූණ දැක්කාම කැඳත් ලැබෙන්නේ නැහැ. රට බංකොළොත් කරලයි පස්ස බලන්නේ...!
මේ සූකිරි මූණ දැක්කාම හොම්බ කට සමතලා කරන්න හිතෙන අය මේ පෝලිමට එන්න කරුණාකරලා...
වැඩකරන අපේ විරුවා සිංදුව මතක් වුණා.. එයා තාම නිදි. දැන් මෙයාගේ පැන්ෂන් එකත් හරිනේ.. ඕකට තමයි ආණ්ඩුවක් පිහිටුවන්න දැඟලුවේ..!
රාජපක්ෂලා ණය ගන්න බැරිවෙයි කියලා බය වුණාද?
වැඩකරන විරුවා අපිට වැඩේ දුන්නා.
IOC ලාභ ලබන්නේ කොහොමද එහෙනම්..? ගානෙ ලොකු වෙනසක් නැහැනේ..!
අපි පිටරටක සිටියත් රට දියුණුවට පත්වෙන බව දකිනකොට හරිම සතුටක් ඇතිවෙනවා.
මේක ප්‍රශ්නයක් වෙන්නේ නෑනේ රුපියල්වලින් තෙල් ගන්නවා නම්...!